පොල් වතුරවල සැගවුන මේ රහස් ටික ඔබ අනිවා දැනගන්න ලෙඩ රෝග රැසකට ගුණ දෙන විශ්මිත ඔසුවකි.
පොල් වතුරවල සැගවුන මේ රහස් ටික ඔබ අනිවා දැනගන්න. ලෙඩ රෝග රැසකට ගුණ දෙන විශ්මිත ඔසුවකි.
මේ ලොව ඉපදීමෙන් පසු ආහාර ගන්නා අවධියේ පටන් අපගේ ජීවිත අවසාන වන තෙක්ම අපගේ ජීවිතය හා බැඳි ඇති ආහාරයක් ලෙස පොල් සඳහන් කළ හැක. පොල් ගෙඩියක් දිනකට ආහාරය සඳහා නොගන්නා නිවසක් නොමැති තරම් ය.එම නිසාම සෑම නිවසකම දිනපතා පොල් වතුර අපතේ යයි.අපතේ දමන පොල් වතුරේ ගුණ පිළිබඳ වැටහීමක් තිඛෙන කිසිවෙක් ඉදිරියට එලෙස නොකරනු ඇත.
පොල් වතුර පොටැසියම්, සෝඩියම්, ක්ලෝයිරටි, මැග්නීසියම් අයන වලින් සමන්විතය.ආහාර තන්තු වලින් පොහොසත් පොල් වතුර වල මැග්නීසියම් , අයඩින් ,සල්ෆර් ,සින්ක්, සෙලේනියම්, කැල්සියම්, පොස්පරස් , යකඩ හා විටමින් බී හා විටමින් ඊ වලින් පොහොසත් ය.
එසේම අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ලය, කාබනික අම්ලය ප්‍රති ඔක්සිකාරක හා හිතකර මේදයන් ගෙන් සමන්විත ය. පොල් වතුර පිළිබඳ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වාදී ඇත්තේ ගුණදායක බව ය.පොල් වතුරේ අහිතකර කොලොස්ටරෝල් නොමැති අතර පොල් වතුර පානය කිරීමෙන් හිතකර කොලොස්ටරෝල් මට්ටම යහපත් වන පරිදි පවත්වා ගත හැකි ය.
මුත්‍රා උත්තේජන ශක්තියෙන් යුක්ත පොල් වතුර පානයෙන් මුත්‍රා හොඳින් පහවීම නිසා මුත්‍රා මාර්ගයේ ඇති වෙන ආසාදනතාවයන් වළක්වා ගත හැක. එසේම සින්ක් හා සෙලේනියම් මද සරු බව වෙනුවෙන් ගුණ දායක බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. එසේම පොල් වතුර ආහාර සිරවීම පහසු කරන අතර ජීර්ණ ආබාධ , මළ බද්ධයට ගුණ දායකය.
කුඩා දරුවන්ගේ පණු රෝග වලට මෙන්ම ඇසේ සුද , ග්ලූකෝමා තාවයන්ටද ගුණදායකය.වකුගඩු වල රැදෙන විෂ පදාර්ථ අඩු කර වකුගඩු වලට සිදු වන හානි වැළැක්වීමටද පොල් වතුර උපකාරී වේ.එහි අඩංගු වන මොනොලෝරීන් මඟින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ව්‍යාධි ජනක බැක්ටිරීයා හා වෛරස් මඟින් බෝ වන ලෙඩ රෝග වලින් අපව ආරක්ෂා කෙරෙන බව සොයා ගෙන ඇත.
එසේම තවත් වැදගත් කරුණක් වන්නේ පොල් වතුරේ අඩංගු සයිටකයිනිස් මඟින් දිර්ඝායුෂ විදීම සහ වයසට යෑමේදී මතු වන සංකූලතා අවම වීමටත් යෞවන පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනබවත් ය. එසේම මෙම සයිටකයිනිස් මඟින් පිළිකා ඇතිවීමේ අවදානමද අඩු කිරීමට හේතු වන බව හඳුනා ගෙන ඇත.
ඉහතින් සඳහන් කළ ගුණ වලට අමතරව පහත සඳහන් ගුණයන්ද පොල් වතුරේ අඩංගු වේ.
දියවැඩියා රෝගය පාලනය කිරීමම වැදගත් වේ.
ලොව තිඛෙන විශිෂ්ටතම ශක්ති ජනක පානය වේ.
මවු කිරි වල තිඛෙන ලෝරික් අම්ලය ළඳරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර ගුණදායකය.
සින්ක් හා සෙලේනියම් වැනි ඛනිජ ලවණ වර්ග තිඛෙන බැවින් ලිංගික සරු භාවයටත් , මඳ සරු භාවයටත් පොල් වතුර ගුණදායක ය.
සම රැලි වැටීම පාලනය කරන අතර , තුවාල සුව වීමට ද දායක වේ.
පොල් වතුරේ තිඛෙන විශිෂ්ට අයනික ගුණය නිසා අප ලබා ගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන් සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්වන බව සොයා ගෙන ඇත.
වමනය යෑම නතර කිරීමේ ගුණයන් සහ ආමාශයේ දැවිල්ල , ග්‍රැස්ටයිටිස් රෝගය ,ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ , බඩ පුරවා දැමීම , අජීරණය , මළ බද්ධය සුව කිරීමේ ගුණයන් ද පොල් වතුරේ පවතී.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
පොල් වතුරවල සැගවුන මේ රහස් ටික ඔබ අනිවා දැනගන්න ලෙඩ රෝග රැසකට ගුණ දෙන විශ්මිත ඔසුවකි.
Reviewed by News Hub
on
12:32 AM
Rating:
No comments: