Hela Rahas

Hela Rahas Site

කලුදුරු බීජ තෙල් වල ගුණ 26 ක්

කලුදුරු බීජ සම්පීඩනය හෝ මිරිකීමෙන් නිස්සාරණය කරන ලද තෙල් කලුදුරු බීජ තෙල් යනුවෙන් හැඳින්වේ. දුරු යන නම් සහිත වුවද මාදුරු හෝ සූදුරු වල රසයට සමාන නොවේ. කලුදුරු එම කුලයට අයත් නොවේ. තද කලු පැහැයෙන් යුක්ත කලුදුරුවල විද්‍යාත්මක නාමය Nigella sativa නම් වේ.අධ්‍යයන වල සඳහන් වන පරිදි කලුදුරු වල පෝෂණ සංඝටක බහුලය. ප්‍රෝටීන, තන්තුම් කාබෝහයිඩ්‍රේට, අත්‍යාවශ්‍ය මේද අම්ල, විටමින් ඒ-බී-සී, නියැසින්, යකඩ , කැල්සියම්, මැග්නීසියම් , පොටෑසියම්, සෙලේනියම් , සින්ක් ආදි ඛනිජ ලවණ වර්ග ද ඒ අතර වේ.ඖෂධීය පැළෑටියක් ලෙස හඳුන්වන කලුදුරු අපේ රටේ ආහාර සැකසීමේදි වඩා විවිධාකාරයේ රෝග සුවපත් කිරීමට ගුණ දෙන ඖෂධයක් ලෙස භාවිතයේ පවතියි.

තයිමොහයිඩ්‍රොක්විනෝන් සහ තයිමොකිනෝන් වැනි රසායනික ද්‍රව්‍ය කලුදුරු බීජ තෙල් වල දක්නට ලැබේ. එය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය වේ. මරණය සහ මහලු වියට පත්වීම හැර සෙසු සියලු ගැටලු සුව කිරීමට උපකාරී වන ඔසු පැළෑටිය ලෙස කලුදුරු හඳුන්වනු ලබන බව ප්‍රචලිත කරුණකි. තරමක තිත්ත රසයක් සහිත කලුදුරු ආයුර්වේදයේ රෝග සුව කිරීමට භාවිතා වේ. මේවා බරකා තෙල් ලෙස ද හැඳින්වේ. කලුදුරු එදිනෙදා ඇති වන සුළු අසනීප සඳහා ගුණ දෙන බවත්, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග, වකුගඩු හා අක්මාව ආශ්‍රිත රෝග, ශ්වසනාබාධ, රුධිර සංසරණ පද්ධතියේ නීරෝගිබව මෙන්ම සිරුරේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීමට කලුදුරු බීජ තෙල් ප්‍රතිලාභ දෙන බව වෛද්‍ය පොත්පත් වල සඳහන් වේ.කලුදුරු බීජ තෙල් මඟින් ලබා දෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

1.පිළිකා වළකයි-තයිමොහයිඩ්‍රොක්විනෝන් සහ තයිමොකිනෝන් වලට පිළිකා ප්‍රතිවිරෝධක ක්‍රියාකාරිත්වයක් ඇති අතර ගෙඩියක් (tumor) ඇතිවීමේ අවදානම 52%කින් අඩු කරයි. එනම් ඒවා පෙනහළු, අග්න්‍යාශය, පුරස්ථ ග්‍රන්ථිය සහ මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වන පිළිකා නාශක බලපෑමක් ඇති කරයි.

2.අක්මාවේ ගැටලු වළක්වයි-මත්පැන් භාවිතය, ඇතැම් ඖෂධ අතුරු ආබාධ හේතුවෙන් අක්මාවේ ක්‍රියාකාරිත්වය දුර්වල වූ අයට කලුදුරු බීජ තෙල් උපකාරී වේ. ඒවාට අක්මාව සුව කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ද පුළුවන. අක්මාවේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ රෝගය හා හානි වැළැක්වීම සඳහා කලුදුරු බීජ තෙල් උපකාරී වේ.

3.දියවැඩියාවට ප්‍රතිකාර කරයි-අග්න්‍යාශයික බීටා සෛල ප්‍රතිජනනය සඳහා කලුදුරු බීජ තෙල් උපකාරී වන බවත්, රුධිරද්‍රව (serum) තුළ ඉන්සියුලින් ප්‍රමාණය අඩු කරන බවත්, රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යන බවත් අධ්‍යයන වල දැක්වේ. පළමු හා දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවස්ථා වළක්වා ගැනීමට කලුදුරු බීජ තෙල් උපකාරී වේ. එය ග්ලූකෝස් ඉවසීම (glucose tolerance) වැඩි දියුණු කරයි.

4.බර අඩු කර ගැනීමට උදව් කරයි-කලුදුරු බීජ තෙල් සිරුරේ බර අඩුකරගැනීමට උත්සහ කරන අයට මෙන්ම දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට උපකාරී වන ප්‍රති-ප්‍රදාහක ගුණ වලින් අනූනය. බර වැඩිවීමට හේතුවන ප්‍රේරක අවම කරවීමට එම තෙල් උපකාරී වේ.

5.කෙස්කලඹ නීරෝගිකරයි-හිසකෙස් හැලීයාම වළකා යථා තත්ත්වයට පත් කිරීමට කලුදුරු බීජ තෙල් උපකාරී වේ. එහි ක්ෂුද්‍ර ජීවී නාශක සහ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත. එය කේශ කූප (follicles) සහ හිසකෙස් මුල් ශක්තිමත් කරයි.

6.සම නීරෝගිකරයි-කලුදුරු බීජ තෙල් සම සුව කිරීමට උපකාරී වේ. මෙලනින් යනු සමට හානි වීම වැළැක්වීමට උපකාරී වන වර්ණක ය. එය සමට ඒකාකාරී වර්ණයක් ලබා දේ. අත් වල හටගන්නා එක්සිමා හෙවත් පණුකැවිලි දද වල බරපතලකම අඩුකරවයි.

7.ආසාදන වළක්වයි-කලුදුරු බීජ තෙල් මෙතිසිලින් වලට ඔරොත්තු දෙන staphylococcus aureus ක්ෂුද්‍රජීවී ආසාදන දුරුකිරීමට උපකාරී වේ. දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් මෙම ආසාදන වලට ගොදුරුවීමේ වැඩිම අවදානමට ලක් වේ. කලුදුරු බීජ තෙල් මෙවැනි ක්ෂුද්‍රජීවි ආසාදන පැතිරීම මන්දගාමී කරවීමට හෝ දුරුකරවීමට පිළියමකි.

සාම්ප්‍රදායික භාවිතයන්

  • ඉදිමුම සහිත දැවිල්ලෙන් සහනයක් ලබා දේ.
  • ඇදුම සහ අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ.
  • දිලීර නාශක ගුණය නිසා යීස්ට් ආසාදනය වීම වළක්වයි.
  • ගිලින ඖෂධයක් ලෙස කලුදුරු බීජ තෙල් භාවිතා කිරීම රූමැටොයිඩ් ආතරයිටිස් රෝග ලක්‍ෂණ අඩු කරයි.
  • ශ්වසන මාර්ගයේ ප්‍රදාහය අවම කරවමින් බ්‍රොන්කයිටිස් රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා ගුණ දේ .
  • කලුදුරු බීජ තෙල් බඩ පෙරළෙන ගතිය(මාංශ පේශී පෙරළීම්) සහ වේදනාව සමනය කරයි. බඩ පිපුම , බඩේ ගෑස් හා වණ ඇතිවීම අඩු කරයි.
  • ආලේපනයක් ලෙස කුරුලෑ සුවකිරීම සඳහාද උපකාරී වේ.
  • කලුදුරු බීජ තෙල් යෙදීමෙන් හිසකෙස් මෘදු වේ.
  • කළු බීජ තෙල් ගැල්වීමෙන් සමේ සොරයිසිස් (psoriasis) පැල්ලම් ඇතිවීමේ අවදානම අඩු කරයි.
  • සමේ තෙතමනය පවත්වාගැනීමට ආලේපනයක් ලෙස භාවිතා කරයි
  • තුවාල සුව කිරීමට උපකාරී වේ.
  • හිසකෙස් නැවත වැඩීමෙන් ඇලෝපසියා රෝගයට ප්‍රතිකාර කිරීමට එය උපකාරී වේ.
  • දත් කැක්කුම හේතුවෙන් ඇති වන වේදනාවෙන්ට සහනයක් ලබා දේ.
  • කලුදුරු බීජ තෙල් බිංදු 8 -10 ක් උණුසුම් ජලයේ මිශ්‍ර කර ශරීරයේ බලපෑමට ලක් වූ කොටස පොඟවාගෙන සිටීමෙන් කෘමීන් දෂ්ට කිරීමට ප්‍රතිකාර කළ හැකිය. එය වේදනාව හා විෂ බුව අඩු කරයි.
  • අසනීප වීම, කිවිසුම් යාම, දැවෙන සංවේදනය, ඇස් රතු වීම සහ ජලය දැමීම වැනි අසාත්මික ලක්‍ෂණ එයින් වළක්වයි.
  • වතුරට කලුදුරු බීජ තෙල් බින්දු 8- 10 ක් එකතු කර ශරීරයට ඉසින්න. මෙය උණෙන් මිදීමට උපකාරී වේ.
  • එය ලිපිඩ පැතිකඩ ප්‍රවර්ධනය කරන අතර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.
  • වඩා හොඳ නින්දක් ලබා දේ.
  • උණුසුම් කලුදුරු තෙල් ආලේප කිරීමෙන් සන්ධි වේදනාව සමනය කළ හැකිය.

පූර්වාරක්ෂාවට.

  • නිසි වෛද්‍ය උපදෙස් වලින් තොරව
  • ළමුන් සඳහා භාවිතා නොකළ යුතුය.
  • කලුදුරු වලට ආසාත්මිකතා ඇති අය මෙම තෙල් ගැනීමෙන් වැළකී සිටිය යුතුය.
  • ගර්භනී සහ කිරි දෙන කාන්තාවන් එය භාවිතා නොකළ යුතුය.