Hela Rahas

Hela Rahas Site

කළු කැම්මේරිය සතු විස්මිත ගුණ 16 ක්

Solanum nigrum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කළු කැම්මේරිය යනු අපේ රටේ ලෙහෙසියෙන් වගා කර ගත හැකි පැළෑටියකි. එසේම අපේ රටේ සමහර පළාත්වල මෙය තැම්බේරියා යන නාමයෙන්ද හඳුන්වනු ලබයි.එසේම සොලනේසී (Solanaceae) කුලයට අයත් වන මෙම පැළෑටිය ඖෂධ ගුණ රැසකින් යුක්ත වේ.එබැවින් දේශීය වෙදකමේ දී ද බොහෝ තැන් වල කළු කැම්මේරිය භාවිත කරනු දැකිය හැකිය. මේවායේ පත්‍ර මෙන්ම ගෙඩිද ඖෂධීය භාවිතයන් උදෙසා යොදා ගනී. දම්පාටට හුරු කළු පැහැයෙන් යුතු මෙම කළු කැම්මේරිය ගෙඩි ඇඹුල් රස මුසු මිහිරි රසයෙකින් යුතු වන අතර ඒවා ආහාරයට ගැනීමට බොහෝ දෙනෙක් ප්‍රියතාවයක් දක්වනු ලබයි.

එසේම මේවා විවිධ සූප ශාස්ත්‍ර භාවිතයන් සඳහා ද යොදා ගනී. මේවා ආහාරයට ගැනීමෙන් අපට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ද රාශියකි.අධි රුධිර පීඩනය සමනය කිරීමේ සිට උගුරේ අමාරුවට සහනයක් ලබා ගැනීම දක්වා ප්‍රතිලාභ රැසක් කළු කැම්මේරිය භාවිතයෙන් ලබා ගත හැකිය.ඉතින් කළු කැම්මේරිය සතු ගුණ කිහිපයක් මෙන්න.

1 .පිළිකා ඇති වීමේ අවදානම අවම කරයි ; කළු කැම්මේරිය වල සොලාසොනීන්, සොලසොඩීන්, සොලමර්ජින් සහ සොලනීන් අඩංගු වන අතර ඒවා පාලනය කළ නොහැකි පිළිකා සෛල වැළැක්වීමට පවා උපකාරී වේ.එසේම සොලාසොඩීන් වේදනාව සමනය කිරීමට, ඔබේ උෂ්ණත්වය අඩු කිරීමට, දැවිල්ල වැළැක්වීමට සහාය වේ.එපමණක් නොව ඒවායේ අඩංගු සොලමර්ජින් සහ සොලනීන් පියයුරු පිළිකා, ගැබ් ගෙල, ආමාශය සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා වැනි විවිධ පිළිකා ඇති වීමේ අවදානම අවම කිරීමට සහාය වේ.

2.සෙංගමාලය සමනය කිරීමට උපකාරී වේ; කළු කැම්මේරිය යනු සෙංගමාලය වැළැක්වීම සඳහා සහාය වන හොඳම ඖෂධයකි. එසේම කළු කැම්මේරිය අක්මාවේ මාංශ පේශි ශක්තිමත් කරන හෙයින් සෙංගමාලය වැළඳීමේ අවදානම අඩු කිරීමටද සහාය වේ.එබැවින් සෙංගමාල රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට කළු කැම්මේරිය වලින් සමන්විත ආහාර වේලක් ගත හැකිය.එපමණක් නොව මේ සඳහා කළු කැම්මේරිය වල කොළ සහ ගෙඩි වල සාරය ද භාවිතා කළ හැකිය.

3. ආහාර අරුචිය සහ අප්‍රසන්න හැඟීම් සුව කරයි; ආහාර අරුචිය හා අප්‍රසන්න හැඟීම සමනය කිරීම සඳහා කළු කැම්මේරිය භාවිතා කළ හැකිය.

4. අධි රුධිර පීඩනය වැළැක්වීම සහාය වේ ; ඔබ අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නේ නම් නිතර කළු කැම්මේරිය පරිභෝජනය කිරීම සුදුසු වේ. මන්ද එය රුධිර පීඩනය නියාමනය කිරීමට සහාය වේ.

5. ආහාර දිරවීමට උපකාරී වේ; කළු කැම්මේරිය මඟින් ශරීරයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ සපයයි. එය දිනපතා ආහාරයට ඇතුළත් කළහොත් එය ආහාර පහසුවෙන් ජීර්ණය කිරීමට උපකාරී වේ.

6. උණ සුව කිරීමට සහාය වේ ; කළු කැම්මේරිය පොස්පරස්, විටමින් A, C ,B, යකඩ, කැල්සියම් සහ අනෙකුත් ක්ෂුද්‍ර පෝෂක වලින් සමන්විත වේ.එසේම සිරුරේ අධික රස්නයෙන් පීඩා විඳින මිනිසුන්ට තම ශරීරයේ තාපය සමනය කර ගැනීමට සහ සමේ අසාත්මිකතාවන් සමනය කර ගැනීමට හොඳම පිළියමක් ලෙස පිසින ලද කළු කැම්මේරිය කොළ ආහාරයට ගත හැකිය.එසේම කළු කැම්මේරිය නිස්සාරණය කිරීමෙන් උණ සහ උණ නිසා ඇති වන සන්ධි වේදනාව සුව කළ හැකිය.

7. කොන්දේ වේදනාව සමනය කරයි ; කළු කැම්මේරිය පිටුපස වේදනාව, මාංශ පේශි වේදනාව, ඉණ තද වීම සහ රක්තවාතය සමනය කිරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.එසේම රූමැටික් රෝගයෙන් පීඩා විඳින අයට රූමැටික් සහ සියලුම රෝග ලක්‍ෂණ සුව කිරීමට කළු කැම්මේරිය ප්‍රයෝජනවත් වේ.

8. මුඛ රෝග වැළැක්වීමට සහාය වේ ; ස්කර්වි යනු විටමින් C අඩු වීම නිසා මුඛ කුහරය තුළ ඇති වන රෝගයකි.එබැවින් විටමින් C වලින් පොහොසත් කළු කැම්මේරිය ආහාරයට ගැනීමෙන් ඔබට මෙම රෝගය ඇති වීමේ අවදානමින් මිදිය හැකිය.ඒ හැරුණු විට කළු කැම්මේරිය යුෂ පානය කිරීමෙන් මුඛ කුහරය තුළ ඇති බෝවන රෝග රැසක් සමනය කර ගැනීමට ඔබට හැකිවනු ඇත.

9. වණ සුව කරයි ; මුඛයේ වණ සුව කිරීම සඳහාද එය හොඳම ඖෂධයකි. මුඛයේ වණ වලින් පෙළෙන පුද්ගලයින්ට එය සාමාන්‍ය ආහාර වේලක් ලෙස ගත හැකිය.ඊට අමතරව ආමාශයේ ඇති වන තුවාලද සුව කිරීමටද කළු කැම්මේරිය උපකාරී වේ.

10. අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට කටයුතු කරයි ; කළු කැම්මේරිය අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.එසේම එය ඔබේ ශරීරය තුළ ඇති විෂ උදාසීන කිරීමට සහ මුදා හැරීමට ප්‍රයෝජනවත් වේ.

11. උගුරේ අමාරුව සමනය කරයි ; එය උගුරේ අමාරුව සමනය කිරීමට උපකාරී වේ.

12. ස්වාභාවික විරේචක කාරකයක් ලෙස ක්‍රියා කරයි ; කළු කැම්මේරිය තන්තු වලින් පොහොසත් වන අතර මල බද්ධය වැළැක්වීම සඳහා එය ස්වාභාවික විරේචක කාරකයක් ලෙස ක්‍රියා කරයි.

13. වකුගඩු ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි ; එය වකුගඩු ක්‍රියාකාරිත්වය උත්තේජනය කළ හැකි හොඳම ඔසුවක් ලෙස සැලකෙන අතර එය වකුගඩු වලින් මුත්‍රා පෙරීමට උපකාරී වේ.

14. සමේ රෝග සුව කරයි; බලපෑමට ලක් වූ ප්‍රදේශයට කළු කැම්මේරිය සාරය ආලේප කිරීමෙන් සමේ අසාත්මිකතා සමනය කළ හැකිය.

15. හොඳ නින්දකට උපකාරී වේ ; කළු කැම්මේරිය ගෙඩි වාතයේ වියලා කුඩු කර කිරිවලට මිශ්‍ර කර රාත්‍රියේදී පානය කිරීමෙන් සුවදායි නින්දක් ලබා ගත හැකිය.එසේම එය ඔබේ ශරීරයේ තෙහෙට්ටුව ද සමනය කරයි.

16. වියළි ඇස් සමනය කරයි ; කළු කැම්මේරිය නිතර ආහාරයට එක් කර ගැනීමෙන් වියලි ඇස් සුව කිරීමට හැකියාව ලැබෙනු ඇත.

කළු කැම්මේරිය භාවිතයෙන් බොහෝ ගුණ ලබා ගත හැකි බව දැන් ඔබට පැහැදිලිය.එහෙත් මෙය ප්‍රමාණය ඉක්මවා අධිකව භාවිතා කිරීමෙන් අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකි බව මතක තබා ගන්න.