Hela Rahas

Hela Rahas Site

රණවරා මල් භාවිතයෙන් සුව කර ගත හැකි රෝග 8 ක්

Senna auriculata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන රණවරා යනු ආයුර්වේදයේදී ඉහළ වටිනාකමක් හිමිවන ඖෂධීය ශාකයකි. මෙම ශාකයේ කඳ, මූල්, මල්, පොතු, කොළ, ඇට ආදී සියලුම කොටස් ඖෂධිය ගුණයෙන් යුක්ත වේ.ඒ අතරින් රණවරා මලට හිමි වන්නේ ඉහළ වටිනාකමකි.රණවරා ශාකයේ මල දීප්තිමත් කහ පැහැයකින් යුක්ත වන අතර එය දියවැඩියාවට ප්‍රතිකාර කිරීමේ සිට සමේ රෝග සහ ශරීර දුර්ගන්ධය සමනය කිරීම දක්වා ප්‍රතිලාභ රැසක් ලබා දේ.

ඒ වගේම රණවරා මල් තම්බා පානය කළ හැකිය.එය ඉතා ගුණවත් පානයක් වන අතර තේ වෙනුවට ආදේශකයක් ලෙස ද භාවිතා කළ හැකිය.ඊට අමතරව රණවරා මල් වියළා කුඩු කර ගෙන එම කුඩු තේ සහ කිරි සමඟ මිශ්‍ර කර පානය කළ හැකිය.එපමණක් නොව රණවරා මල් ගෙන ඇල්දියෙන් අඹරා ලබා ගන්නා මිශ්‍රණය රූපලාවන්‍ය භාවිතයන් සඳහා ද යොදා ගත හැකිය.ඊට අමතරව රණවරා මල් භාවිතයෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ රැසකි.ඉතින් අද අපි ඔබට කියන්නේ ඒ පිළිබඳවයි.

1. මූත්‍රා ආසාදන සුව කරයි ; රණවරා මල් වල මූත්‍රා ආසාදන වළක්වන ගුණ රැසක් අඩංගු වේ.එසේම එය බැක්‍ටීරියා වර්ධනය වීම වැළැක්වීමට ක්‍රියා කරන අතර විෂ ඉවත් කිරීමේ කාරකයක් ලෙසද ක්‍රියා කරයි.

2. දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වේ ; රණවරා මල් සාරයේ දියවැඩියා විරෝධී ගුණ අති බව අධ්‍යන වලින් පවා හෙළි වී තිබේ.එබැවින් රණවරා මල් තේ පානය කිරීමෙන් රුධිර සීනි මට්ටම අඩු කර ගත හැකිය.

3. මළබද්ධය සමනය කරයි ; රණවරා මල් මළබද්ධය වැළැක්වීමට උපකාරී වන විරේචකයක් ලෙස ක්‍රියා කරයි.එසේම රණවරා මල් තේ පානය කිරීමෙන් බඩවැල් සංචලනය ද පහසු වනු ඇත.

4. ඔසප් වේදනාවන් සමනය කරයි ; රණවරා මල් තේ පානය කිරීමෙන් අධික ඔසප් වේදනාව සමනය කර ගත හැකිය.

5. ඔබේ සම නීරෝගී කරයි ; රණවරා මල් ඔබේ සමේ ඇති ලප කැළල් දුරු කර සම පැහැපත් කිරීමට උපකාරී වේ.

6. බර අඩු කිරීමට සහාය වේ ; රණවරා මල් පානය කිරීමෙන් ශරීරයේ අතිරික්ත මේදය ඉවත් කර ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න ශරිර බරක් පවතවා ගෙන යාමට ඔබට හැකිය.

7. තෙහෙට්ටුව සමනය කරයි ; අධික විඩාව සහ තෙහෙට්ටුව සමනය කර සජලීයව සිටීමට රණවරා මල් තේ පානය ඔබට උපකාරී වනු ඇත.

8. මුඛ තුවාල සුව කරයි ; රණවරා මල් ඔබේ මුඛයේ ඇති තුවාල ඉක්මනින් සුව කිරීමටද සහාය වේ.

ඉතින් ඖෂධීය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති රණවරා මල් භාවිතා කිරීමෙන් සෞඛ්‍යමත් නීරෝගි ජීවිතයක් ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.