Hela Rahas

Hela Rahas Site

ශ්වසන රෝග සමනය කරන අළු කෙසෙල් සතු ගුණ 10 ක්

අළු කෙසෙල් කියන්නේ ව්‍යංජනයක් ලෙස පිළියෙල කර ගන්නා හරි අපූරු කෙසෙල් වර්ගයක්.ඒවා ආයුර්වේදයේදී ද බොහොමයක් රෝග සුව කිරීමට යොදා ගනු ලබයි. මෙහිදී අළු කෙසෙල් ශාකයේ ගෙඩි සහ අල ,මුල්, කොළ, මල් ආදී සියළුම කොටස් ඖෂධ සදහා යොදා ගනී.එබැවින් අළු කෙසෙල් ශාකයට ඉහළ ඖෂධීය වටිනාකමක් හිමිය.
එසේම මේවායේ කාබෝහයිඩ්රේශට්, කැල්සියම්, පොස්පරස්, කැරොටින්, ප්‍රෝටීන් සහ විටමින් ආදී පෝෂණ ගුණ රැසක් අඩංගු වේ.එබැවින් අළු කෙසෙල් ආහාර වේලට එක් කර ගැනීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභයන් බොහෝය.අළු කෙසෙල් ව්‍යංජනය,චිප්ස්, සලාද සමඟ මිශ්‍ර කර, සුප්, ඉස්ටු සහ බේක් කර ආදී ඔබ කැමති ආකාරයකට ඒවා ඔබට ආහාරයට ගත හැකිය.ඉතින් අළු කෙසෙල් භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන කිහිපයක් මෙන්න.

1 . ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි ; අළු කෙසෙල් වල තන්තු බහුලව අඩංගු වේ.මෙම තන්තු ආහාර දිරවීමේ සෞඛ්‍යය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.එපමණක් නොව අළු කෙසෙල් වැනි කෙඳි බහුල ආහාර, ආහාර ජීර්ණයට සහාය වන අතර මලබද්ධය, අර්ශස් රෝගය වැනි ගැටලු වලට සහනයක් ද ලබා දේ.

2. ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි ;අළු කෙසෙල් වල විටමින් A අඩංගු වන අතර එය සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් සපයන තවත් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි.එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.එසේම එය ඔබේ සෛල වර්ධනයට සහ සමේ සෞඛ්‍යයට උපකාරී වන අතර තුවාල සුව කිරීම සඳහා සහාය වේ.

3. මැංගනීස් වලින් පොහොසත් ප්‍රභවයකි ;අළු කෙසෙල් වල මැංගනීස් අඩංගු වන අතර එය රුධිර පීඩනය නියාමනය කිරීමට, ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීමට සහ ශරීරය සෞඛ්‍ය සම්පන්න කිරීමට උපකාරී වේ. එපමණක් නොව අළු කෙසෙල් රුධිර ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම, ඉන්සියුලින් සහ කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තීය නියාමනය කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි. එය මානසික අවපීඩනය, නින්ද නොයාම සහ ඉරුවාරදය වැනි තත්වයන් සමනය කිරීමටද උපකාරී වේ.

4. තුවාල ඉක්මනින් සුව කරයි ; අධ්‍යයනයක් මඟින් පෙන්නුම් කරන්නේ වියළි අළු කෙසෙල් ආමාශගත තුවාල සහ වණ සුව කිරීමේ බලපෑමක් ඇති කරන බවයි. නිදන්ගත වේදනාව සහ රූමැටොයිඩ් ආතරයිටිස් සඳහා ඖෂධ භාවිතා කරන පුද්ගලයින්ට ආමාශයේ පටල ස්ථරයේ වණ ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය. සිදු කළ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ වියළි අළු කෙසෙල්, බඩේ අභ්‍යන්තර ස්ථර වල වර්ධනය උත්තේජනය කිරීමට උපකාරී වන බවයි.

5. ශ්වසන රෝග සමනය කරයි ; අළු කෙසෙල් ඇසේ සුද, සෙම්ප්‍රතිශ්‍යාව, සයිනසයිටිස්, පෙනහළු සහ ඇදුම වැනි පෙනහළු ආසාත්මිකතා තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනු ලබයි.එපමණක් නොව අළු කෙසෙල් සතුව විෂබීජ නාශක ගුණයක් ඇති අතර එය ටොන්සිලයිටිස්, උගුරේ අමාරුව සහ කැස්ස සුව කිරීමට උපකාරී වේ.

6. කොලෙස්ටරෝල් පාලනය කරයි ; අළු කෙසෙල් යනු කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි හොඳම පිළියමකි.එපමණක් නොව තරබාරුකම, දෙවන වර්ගයේ දියවැඩියාව හා පිළිකා වැනි සෞඛ්‍ය ගැටලු වැළැක්වීම සඳහා එය ඵලදායී වේ.

7 – 10, වෙනත් ප්‍රතිලාභ

  • අළු කෙසෙල් සමේ පැහැය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
  • එය ඩයුරටික් ලෙස ක්‍රියා කරන අතර මුත්‍රාශය ආශ්‍රිත ගැටලු රැසක් සමනය කරයි.
  • මාසික ඔසප් වීමේදී ඇති වන අපහසුතා ලිහිල් කිරීමට අළු කෙසෙල් උපකාරී වේ.
  • අළු කෙසෙල් රක්තහීනතාවයට ප්‍රතිකාර කිරීම සඳහා ද භාවිතා කරයි.

අතුරු ආබාධ

අළු කෙසෙල් ආහාරයට ගැනීමෙන් සමහර පුද්ගලයන්ට දිව, තොල් හෝ උගුර මෘදු ලෙස ඉදිමීම, කැසීම, සමේ කැසීම, වද වීම, ඇනෆිලැක්ටික් කම්පනය හෝ උදරයේ ගැටළු වැනි අසාත්මිකතාවන් ඇති විය හැකිය.එපමණක් නොව එය වමනය, ඔක්කාරය හා පාචනය වැනි දරුණු ආමාශගත රෝග ලක්‍ෂණ ද ඇති කළ හැකිය.එබැවින් ඔබට මෙම ආහාරය ආසාත්මික බව හැඟේ නම් වහාම පරිභෝජනය නතර කර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන්න.