Hela Rahas

Hela Rahas Site

ජපානයේ විතරකම දකින්න පුලුවන් අරුම පුදුම දේවල් 11ක්.

මේ දිනවල ලෝකයේ සියලුම දෙනාගේ අවදානය දිනා ගත රට ‘ජපානය’ යි. 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල කො-රෝන ව-සංගතය නිසා ඇති වූ විවිධ අභියෝග හමුවේ උනත් ඉතා සාර්ථකව ජපානයේ පැවැත්වුනා. 2020 පැවැත්වීමට නියමිතව තිබු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පසුගිය වසරේ පැවැත්වීමට නොහැකි වූ නිසා 2021 වසරට එය කල් ගියා. මෙවැන්නක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිදු වන්නේ ඉතා කලාතුරකිනි. මේ නිසා අපි අද හිතුවා ජපානය ගැන කතා කරන්න. ජපානය පිළිබද මුලික කරුණු බොහොමයක් ගැන සියලු දෙනා දැනුවත්. එහෙත් ඔවුන්ටම අවේනික සුවිශේෂී සංස්කෘතික අංග, නී-ති රීති හා අනෙකුත් විශේෂ තොරතුරු ගැනයි අපි අද අවදානය  යොමු කරන්නේ.

ඔබ දන්නවාද ජපානයේ වයස අවුරුදු 100 ඉක්ම වූ වැඩිහිටියන් 50,000 කට වඩා සිටින බව. අපේ රටේ නම් වයස අවුරුදු 100 ඉක්ම වූ එක පුද්ගලයෙකු සොයා ගැනීමත් ඉතා අපහසුයි. ඒ වගේම ජපානයේ සේවකයන්ට රාජකාරිය අතරතුර නිදා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ජපානයේ දුපත් 7000කටත් වඩා තියෙනවා බවත් සඳහන් වෙනවා. මෙවැනි විශේෂ කරුණු කරනා රාශියක් ගැනයි අද කතා කරන්න යන්නේ.

1. දොළොස් කෝටි හැත්තෑ ලක්ෂයකට වඩා ජිවත් වන ජපානයේ ජිවත් වෙන වයස්ගත ජනගහනය අනිත් රටවලට සාපේක්ෂව ඉතාමත් වැඩියි. ජපානයේ සමස්ත ජනගහනයෙන් 20%ක් වැඩිහිටි ජනගහණයයි. එනම් වයස 65ට වැඩි පිරිසයි. එහි අවුරුදු 100ට වැඩි ජනගහනය පමණක් 50,000ට අධික බවයි පැවසෙන්නේ. ජපානයේ තිබෙන සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙත ජපන් වැසියන්ට දීර්ඝ ආයුෂ ලැබීමට හේතු වෙනවා. ජපන් පිරිමි පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 81ක්ද ජපන් කාන්තාවකගේ ආයු අපේක්ෂාව අවුරුදු 87ක් බවයි පැවසෙන්නේ. නමුත් මෙහි තිබෙන අවාසි දායක තත්ත්වයක් වශයෙන් ජපානය සලකන්නේ වයස්ගත ජනතාව වැඩි වීම ඔවුන්ගේ ශ්‍රම බලකායට ඍජුවම ඇති කරන බලපෑමයි. මේ නිසා ඔවුන්ගේ ආර්ථිකයට වයස් ගත ජනතාව වැඩි වීම අහිතකර ලෙස බලපා තිබෙනවා. වයස්ගත ජනතාව රැක බලා ගැනීමට විශාල වියදමක් හා කාලයක් වෙන් කිරීමට ජපානයට සිදු වී තිබෙනවා. ජපානයේ ළදරු ඩයිපර් ප්‍රමාණයට වඩා වැඩිහිටි ඩයිපර් තමයි විශාල වශයෙන් අලෙවි වන්නේ. මෙයින් අපිට හිතා ගන්න පුළුවන් ජපානයේ ළදරුවන්ට වඩා සිටින්නේ වැඩිහිටියන් බව.

ජපානයේ සමස්ත ජනගහනයෙන් 20%ක් වැඩිහිටි ජනගහණයයි

2. ජපානයේ නව ළදරු උපත් අඩු වීමට ප්‍රධානතම හේතුව ජපන් තරුණ තරුණියන් විවාහයට හා පවුල් ජිවිතයක් ගත කිරීමට දක්වන අකමැත්තයි. ජපානය වැනි රටක අධික ජිවන වියදමක් තිබෙන නිසා විවාහයකට ගොස් තවත් පිරිසක් නඩත්තු කිරීම ගැන ජපන් තරුණ තරුණියන් අතර තිබෙන්නේ අකමැත්තක්. මේ තත්ත්වය මත ජපන් ළදරු උපත් අනුපාතිකය පවතින්නේ ඉතාමත් අඩු මට්ටමක බවයි පැවසෙන්නේ. ලිං-ගික කටයුතු සඳහා යොදා ගත හැකි බෝනික්කන් ජපන් තරුණයන් අතර ඉතා ප්‍රචලිත වී තිබෙන නිසා ජපන් කාන්තාවන් සමග ඇති කරගන්නා ලිං-ගික සම්බන්ධතාවයන්ට වඩා ඔවුන් ඇලුම් කරන්නේ බෝනික්කන් සමග ලිං-ගික ක්‍රියාවේ යෙදීමට යි. ජපන් කාන්තාවට ද ලිං-ගික ක්‍රියා සඳහා යොදා ගත හැකි විවිධ උපකරණ වර්ග කිසිඳු අපහසුතාවයකින් තොරව සිල්ලර කඩයකින් වුවද මිලට ගන්න පුළුවන්. මේ නිසා ජපන් පවුල් සංස්ථාව ක්‍රමයෙන් බිඳ වැටීමේ අවධානමක් තිබෙන බව සඳහන් වෙනවා.

ජපන් තරුණ තරුණියන්

3. ජපානයේ දුම්රියක් සාමාන්‍යයෙන් පරක්කු වී ගමනන්තයකට ලගා වෙනවා නම් ඒ තත්පර 18 පමණක් බවයි සඳහන් වෙන්නේ. යම්කිසි කෙනෙක් ජපාන දුම්රියකට පැන සියදිවිනසා ගන්නවානම් ඔහුගේ හෝ ඇයගේ පවුල ඒ සඳහා ජපන් රජයට දඩ ගෙවිය යුතුයි කියන අමුතු නිතියකුත් ජපනන්යේ තියෙනවා.

ජපානයේ දුම්රියක්

4. ජපාන සංස්කෘතියේ තිබෙන තවත් සුවිශේෂම අංගයක් වන්නේ සෑම වසරකම අප්‍රේල් මාසයේ අති උත්කර්ෂවත්ව පවත්වන ‘කනමාරා මට්සුරි’ හෙවත් පුරුෂ ශි-ෂ්ණය සැමරීමේ උත්සවය යි.  මෙය සෑම වසරකම අප්‍රේල් පළමු ඉරිදා සමරනවා. 1969 සිට මේ වන තෙක් මේ කනමාරා මට්සුරි උත්සවය වාර්ෂිකව ජපන් ජනතාව උත්කර්ෂවත්ව සමරන බවයි වාර්තා වෙන්නේ. කනමාරා මට්සුරි කියන ආගමික ස්ථානයට මේ පැවැත්වෙන දිනයට සහභාගී වී ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් දරුවන් නැති අයට දරුවන් ලැබෙන බවත්, පවුල් අසමගියක් තිබෙනවා නම් නැවත පවුල් තුල සමගියත් ඇති වන බවත්, ව්‍යාපාර දියුණුවත් ඇති වන බවත් ජපාන ජනතාව දැඩිව විශ්වාස කරනවා. ඇත්තට මේ කනමාර මට්සුරි උළෙලට සහභාගී වන්නේ ජපන් ජනතාව පමණක් නොවේ. මෙයට විදේශීය සංචාරක ආකර්ෂණය ඉතාමත් වැඩයි. අප්‍රේල් මාසය වන විට ජපානයට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙනවා. මෙලෙස විශාල වශයෙන් ජපානයට ලැබෙන ආදායම ඔවුන් වැය කරන්නේ HIV/ AIDS මර්දනය කිරීම සඳහායි.

 “කනමාරා මට්සුරි” ප්‍රදර්ශනය
 “කනමාරා මට්සුරි” ප්‍රදර්ශනය 02

5. ලොව විශාලම මාළු වෙළෙඳසල වන සුකිජී පිහිට තිබෙන්නේ ජපානයේය. ජපන් සංස්කෘතියේද වැදගත් ස්ථානයක් ‘මාළු’ ආහාරවල හිමි වෙනවා. පිසිමකින් තොරව මාළු ආහාරය ගැනීම හෙවත් සුශී ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතික අංගයක්. මිට අමතරව ඔවුන් කරන තවත් අමුතු වැඩක් වන්නේ ඩොල්ෆින් මාළුන් ආහාරයට ගැනීමයි. ලෝකයේ බොහෝ රටවල ඩොල්ෆින් මත්ස්‍යයන් මරා දැමීම දඬුවම් ලැබිය හැකි වරදක් වුනත් ජපානයේ නම් එය ඉතාමත් ජනප්‍රිය ආහාරයක්. ඒ වගේම අශ්ව ම-ස් ආහාරයට ගැනීමටත් ඔවුන් ප්‍රිය කරන බව සඳහන් වෙනවා.

Toyosu Market මත්ස්‍ය වෙළඳපොල.

6. maid cafe කියන්නේ ජපානයේ තිබෙන තවත් වැදගත් අංගයක්. cafe කිව්වට මේක  ඇත්තටම අවන්හලක්. මෙහි සේවය කරන තරුණියන් සේවිකාවන් වගේ ඇඳ පැලදගෙනයි සිටින්නේ. මෙම අවන්හලට ආහාර ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින්ට ස්වාමියෙක්ට වගේ සලකන බව පැවසෙනවා.

maid café අවන්හල.

7. ජපන් ජාතිකයන් ඉතා ආවංක අව්‍යාජ ජන කොට්ඨාශයක් බවට ලෝකයේම ඉතා ප්‍රසිද්ධයි. මේ බව ඔප්පු කිරීමට ඔවුන් අමුතු වැඩක් කරනවා. ජපානයේ ඕනෑම පාරක තැනින් තැන කුඩ තබා තිබෙන අයුරු දැක ගන්න පුළුවන්. වැස්සක් අවස්ථාවකදී ඕනෑම කෙනෙක්ට මෙම කුඩා භාවිත කරන්න පුළුවන් වෙන අතරම මෙලෙස තමන් රැගෙන යන කුඩය පාවිච්චි කලාට පස්සේ නැවත වතාවක් කුමන හෝ පාරක තිබෙන කුඩ රඳවන ස්ථානයක තියල යන්නත් ජපන් ජාතිකයින් අමතක කරන්නේ නැහැ. කිසි විටෙකත් මොවුන් එම කුඩය සොරකම් නොකරන බවයි පැවසෙන්නේ.

වැසි දිනයක ජපාන ජනතාව.

8. ජපානය කියන්නේ ඉතාමත් පිරිසිදු රටක්. ජපන් ජාතිකයන් අතීතයේ සිටම තමන්ගේ රටට දැඩිව  ආදරය කරන ජාතියක්. එම නිසා තමන්ගේ නිවාස වගේම රටත් පිරිසිදුව තැබිය යුතු බවට ඔවුන් තරයේම විශ්වාස කරනවා. අපේ රටේ වගේ කසල ශෝධකයන් කියලා වෙනම පිරිසක් ජපානයේ දකින්නට ලැබෙන්නේ නැහැ. තමන් සිටින පරිසරය කුමක් වුනත් තමන් කුමන තරාතිරමක කෙනෙක් වුනත් තමන් සිටින ස්ථානය පිරිසිදු කිරීම ඔවුන්ගේ පුරුද්දයි. මේ නිසා ජපානය ලෝකයේ තිබෙන පිරිසිදුම රටක් බවට පත් වෙලා තියෙනවා.

ජපන් කාණුවල ඇති මාලූ

9. ජපානයේ රාජකාරී කරන අතරතුර ඕනෑම කෙනෙක්ට නිදාගන්න පුළුවන්. අපේ රටේ වගේ ජපානයේ පැය 8ක සේවා මුරයක් නෙමෙයි තියෙන්නේ. ඔවුන්ගේ ජිවන වියදමත් එක්ක අනිවාර්යයෙන්ම අමතර පැය ගණනක් සේවය කල යුතු වෙනවා. මේ නිසා නිවසට ගිහින් නිදාගන්න ඔවුන්ට අවසථාවක් ලැබෙන්නේ කලාතුරකින්.  මේ විදිහට යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ කාර්යාලයේ නිදගනවා නම්, එහි කළමනාකරු විශ්වාස කරන්නේ තම සේවකයා නිදාගන්න ගෙදරටවත් නොයා  ඉතා කැපවීමෙන් තම රාජකාරිය ඉටු කරන බවයි.

ජපානයේ රාජකාරී කරන අතරතුර ඕනෑම කෙනෙක්ට නිදාගන්න පුළුවන්

10. අන් රටවලට සාපේක්ෂව ජපානයේ වෙන්ඩින්ග් මැෂින් භාවිතය ඉතාමත් වැඩි. වෙනත් රටවල නම් බොහෝ විට වෙන්ඩින්ග් මැෂින්වලින් ලැබෙන්නේ පැකට් කරපු ආහාර හා බිම වර්ගයි. නමුත් ජපානයේ තිබෙන වෙන්ඩින්ග් මැෂින්වලින් සාමාන්‍ය පුද්ගලයෙක්ට අවශ්‍ය කරන හැම භාණ්ඩයක්ම වගේ ලබා ගන්න පුළුවන්. බිත්තර, කුඩ , මල් වර්ග, පීසා වැනි භාණ්ඩ පවා ලබා ගත හැකි තරම් ජපානයේ තාක්ෂනය ඉතාමත් දියුණුයි.

ජපානයේ වෙන්ඩින්ග් මැෂින් භාවිතය

11. ජපානය කියන්නේ ලිං-ගිකත්වයට වඩාත් වැඩි ඉඩක් දෙන රටක්. ජපානයේ ඇතැම් නගරවල නිරුවත් කාන්තාවක් මත ආහාර තබා තිබෙන හෝටල් පවා තිබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම පුරුෂයෙක් වටේ කාන්තාවන් එකට එකතු වී ඔහුගේ මුහුනට කෙල ගැසීම විශේෂ ලිං-ගික ක්‍රියාවක් වශයෙන් සිදු කෙරෙනවා. ඒ වගේම ජපන් පාසල් ශිෂ්‍යන්ට අමුතුවෙන්  ලිං-ගික අධ්‍යාපනයක් පාසලෙන් ලබා දෙන්නේ නැහැ.  ඔවුන්ට අවශ්‍ය නම් තමාටම තනිවම ඉගෙන ගැනීමට  විවිධ ක්‍රමවේද එරට රජය විසින් නිර්මාණය කර තිබෙනවා. ජපානයේ ඕනෑම කඩයක S-EX magazines වයස් භේදයකින් තොරව මිලදී ගන්නට පුළුවන්. ඒත් සමගම අ-සභ්‍ය වීඩියෝ සහිත DVD තැටි ද ඇතුලත් කර තිබෙනවා.