.

කොට හාදයෙකු වීමේ විද්‍යාත්මක වාසි මෙන්න මේවා ඇහුවොත් ඔක්කොම කොට වෙයිද? මන්දා.

Loading...

කොට හාදයෙකු වීමේ විද්‍යාත්මක වාසි මෙන්න මේවා ඇහුවොත් ඔක්කොම කොට වෙයිද? මන්දා.

1. කොට හාදයන්ගේ විවාහ ජීවිතය වඩාත් ස්ථිරය 

5’.7” ට වඩා උස අඩු පුද්ගලයන් දික්කසාද වීමේ ශාක්‍යතාවයේ සාමාන්‍යය වනාහී උස වැඩි පුද්ගලයන් දික්කසාද වනවාට වඩා 32% ක් අඩුය යැයි පසුගිය වසරේ නිව්යොර්ක් විශ්ව විද්‍යාලයේ පවත්වන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. මෙයට එක් හේතුවක් වන්නේ කොට හාදයන් ස්ත‍්‍රියක් සමග ඇසුරක් ඇති කර ගත් පසු තරමක් කල් වී පසු විවාහ වීම යැයි නිරීක්‍ෂණකරුවන් විශ්වාස කරති. එසේ ඇසුරු කාලය දීර්ඝව පැවැත්වීමෙන් පසු සිදු කරගන්නා විවාහය කෙටි ඇසුරකින් පසු කර ගන්නා විවාහයට වඩා ස්ථිර බව පෙනී ගොස් ඇත යැයි මෙම අධ්‍යයනය සිදු කළ ඇබිගෙයිල් වීස්මන් (Abigail Weitzman) අදහස් දක්වයි. 

2. ඔබට පිළිකාව ඇති වීමේ අවදනාම සාපේක්‍ෂව අඩුය

උසින් වැඩි අයට පිළිකාවක් ඇති වීමේ වියහැකියාව වැඩිය යැයි යුරෝපීයයන් 585000 ක් සහභාගී කරගෙන සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. කෙනෙකුගේ උස වැඩි වීමට දායක වන හෝමොන පිළිකාවක් ඇති කිරීමටද හේතු විය හැකිය යැයි නිරීක්‍ෂණවලින් පෙනී ගොස් ඇත. 

3. ඔබ වැඩි කල් ජීවත් වනු ඇත

සඟරාව මගින් 2012 සිදු කරන ලද සමීක්‍ෂණයකින් මිටි දේහධාරීන් වැඩි කාලයක් ජීවත් වන බව තහවුරු වී ඇත. ජපන් සම්භවය ඇති ඇමරිකානු පුරුෂයන් 8000 කගේ ජීවිතවල වසර 40 ක අතීතය මේ සඳහා නිරීක්‍ෂණය කරන ලද අතර උස පුද්ගලයන් -ඔවුන් ශරීර සුවය ගැන සැලකිලිමත්ව සිටියද- සාපේක්‍ෂව උසින් අඩු අයට පෙරම අභාවයට යන බව පෙනී ගොස් ඇත. කෙසේ හෝ කොට පුද්ගලයන්ට වැඩි කල් ජීවත් කරවන ජානයක් හිමි වන බවද එය ගැන වැඩි දුර පරීක්‍ෂණ පැවැත්වීමෙන් මෙම සුවිශේෂී තත්වය ගැන තවත් කරුණු අනාවරණය කර ගන්නට හැකි වනු ඇත යැයිද විද්‍යාඥයන් විශ්වාස කරති. 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment