.

මාරාන්තික ගැබ්ගෙල පිළිකා කල්තියා හඳුනාගන්නේ මෙලෙසයි

Loading...


මාරාන්තික ගැබ්ගෙල පිළිකා කල්තියා හඳුනාගන්නේ මෙලෙසයි 

හියුමන් පැපිලෝමා නම් වෛරසය නිසා කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකාව වැලදෙන බව සොයාගෙන තිබේ. මෙම වෛරසය බහු අබුසැමි සබදතා පවත්වන ය අතර වැඩි වශයෙන් දක්නට ලැබේ.මෙය පිලිකා රෝග අතරින් මුලදී හදුනාගතහොත් සම්පූර්ණ සුවය ලබා ගත හැකි පිලිකා රෝගයකි. එහෙත් අපේ රටේ මෙවැනි පිළිකා ගැන කාන්තාවන් දැනුවත් බව ඉතාමත් අඩුය.මේ නිසා කාන්තා පිළිකා අතර මෙම පිළිකාව වැඩි වශයෙන් දක්නට ලැබේ.

ගැබ්ගෙල පිළිකාවට හේතු

ගැබ්ගෙල පිළිකාවට ප්‍රධාන හේතුව වෛරසයක් ශරීර ගත වීම බව මීට පෙර සොයා ගැනිණි.ඒ සම්බන්ධව ඇමරිකාව,බ්‍රිතාන්‍යය ඕස්ට්‍රේලියාව යන රටවල කළ පර්යේෂණ මගින් එය hpv  වෛරසය බව සොයා ගෙන තිබේ. රෝගය හදුනා ගැනීම

පැප්ස්මියර් පරීක්ෂණය කරන්න

වයස අවරුදු 35-50 වයසේදී  කාන්තාවක් පැප්ස්මියර් පරීක්ෂණය කිරීමෙන් ගැබ්ගෙල පිළිකාවක් හට ගැනීමට මුල පුරා ඇත්නම් ඒ බව හදුනාගත හැකිය.එහෙත් අපේ රටේ මෙම පරීක්ෂණය සදහා කාන්තාවන් යොමු වන්නේ ඉතාම අඩුවෙනි.

පරීක්ෂණය නොමිලේ

මෙම පැප් පරීක්ෂණයට වයස අවරුදු 35-40 පටන් කාන්තාවන් යොමු වීම ඉතා වැදගත්ය.මෙම පරීක්ෂණය ඔබ ප්‍රදේශයේ සෑම MOH  සයනයකදී නොමිලේ  කර ගත  හැකිය.

මෙම පරීක්ෂණ වාර්තාවට අනුව සක කටයුතු සෛල තිබේදැයි හෙළිවේ.එසේ තිබේ නම් එම සයනයේම උපදෙස් මත නාරි හා ප්‍රසව වෛද්‍ය specialist කෙනෙකු වෙත යොමු කෙරේ.එවිට එම වෛද්‍යවරයා විසින් ගැබ්ගෙලේ සැකකටයුතු කොටස ඉවත් කරයි.

සාමාන්‍යයෙන් පැප් පරීක්ෂණයේදී හදුනාගන්නා සැක කටයුතු කොටස් පිළිකාවක්  බවට හැරෙන්නට වසර 10 පමණ ගත වේ.ඒ නිසා මුලදී මෙවැනි සැක සහිත දෙයක් හදුනා ගැනීමෙන් එම කාන්තාවට සදාකාලික නිරෝගී දිවියක් ගත කල හැක.

ගැබ්ගෙල පිළිකාවක් විය හැකි සැක කටයුතු සෛල යැයි හදුනාගතහොත් පමා නොකර එම පිළිකාමය කොටස ඉවත් කරයි.මෙහිදී ගර්භාෂය ඉවත් කිරීම අවශ්‍ය නැත.පිළිකාමය කොටස ඉවත් කර රෝගියාට මාස 6ක් වසර 01ක් පමණ පරීක්ෂණ කරමින් ප්‍රතිකාර ලබා දෙයි.ඒ අතර රෝගය පැන නගින්නේ නැත්තම් රෝගය සුව වන බවට සිතා ගත හැකියි.

නැවත මතු විය හැකිද ?

ගැබ්ගෙලේ තිබු පිලිකාවිය හැකි කොටස ඉවත් කලත් එම කාන්තාව HPV වෛරස රෝගයෙන් පෙළෙන්නේ නම් නැවත වෙනත් ස්ථානයකින් විය හැකි කොටස තුල පිළිකාව පැන නැගීමට පුළුවනි.

වලක්වා ගැනීමට

මෑතක සිට ගැබ්ගෙල පිළිකාව වැලක්වීමට එන්නතක්  හදුන්වා දී තිබේ.එය වයස අවරුදු 18-19වැනි වයස් වලදී විවාහ වූ නොවූ තරුණියන්ට ලබා ගත හැක.

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment