.

දන්ත රෝගවලින් ආරක්ෂා වීමට නිවසේදීම මේ විශ්මිත ප්‍රතිකාර හදාගන්න

Loading...

දන්ත රෝගවලින් ආරක්ෂා වීමට නිවසේදීම මේ විශ්මිත ප්‍රතිකාර හදාගන්න.

දන්ත රෝග ඇති වීමට හේතු දන්ත රෝග ඇති වීමට මූලිකම හේතුව මුඛයෙහි අපවිත්‍රතාවයයි. අප ආහාරයට ගන්නා ආහාර පළමුවෙන්ම ඇතුල්වන්නේ මුඛයට බැවින් දත් සහ විදුරු මස් පවිත්‍රව තබාගත යුතුය. පිරිසිදු කරන ලද සීනි සහිත චොකලට්, කේක්, ටොෆි, බීම වර්ග නිතර ආහාරයට ගැනීම මුඛය තුළ තිබිය යුතු තෙත් ස්වභාවය නොමැති වී මුඛය වියලීම මානසික පීඩනය ඖෂධවල අහිතකර බලපෑම ආමාශයේ ආම්ලික තාවය වැඩි වී අන්තශෝත්‍රය ඔස්සේ ඉහළට ඒම නිවැරදි ලෙස දත් නොමැදීම.

දන්ත සෞඛ්‍ය සංරක්ෂණය

දිනපතා උදෑසන හා රාත්‍රී නින්දට පෙර දත් මැදීම කළ යුතුය. දත් මැදිය යුත්තේ ඉහළට සහ පහළටය. හරහට දත් මැදීමෙන් දත් අතර රැඳී පවතින අපද්‍රව්‍ය නියම ලෙස ඉවත් නොවේ.

 සීනි සහිත ආහාර ගැනීම සීමා කිරීම
 අලූත් පළතුරු ආහාරයට ගැනීම
 මානසික ආතතියෙන් තොරව ජීවත් වීම
 ආමාශයේ ආම්ලිකතාවය වැඩි වී ඉහළට පැමිණෙන රෝගී තත්ත්ව සුව කර ගැනීම.

දන්ත රෝග සඳහා දේශීය ප්‍රතිකාර

දත් කැක්කුම

ගම්මිරිස් ඇට හෝ මුල් තම්බා මුඛය තුළ ස්වල්ප වේලාවවක් තබා සිටිය යුතුය.

සීනක්කාරං ජලයේ දියකර කට සෝදා එම ජලය ස්වල්ප වේලාවවක් මුඛය තුළ තබා සිටිය යුතුය.

දත් මුල් දිය වීමට

නුග පොතු
මාදං පොතු
බුළු
ඇහැල පොතු
අරළු
නෙල්ලි
තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

දැත්ත මුල්
පිල මුල්
කහට පුවක්
බෝඹු මුල්
මුණමල් පොත්
කුඹුක් පොතු
තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුල තබා සිට කට සේදීම

මුණමල් ගෙඩියක් කටින් හපා විනාඩි 10ක් පමණ මුඛය තුළ තබා සිටීම මුණමල් පොතු තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

ඉරිමේදාදි තෙල වීදුරු මස්වල ආලේපය

දත් සවි වීමට

ඔළිඳ කොළ ස්වල්පයක් කටින් හැපීම. කෙල ගිලීමෙන් වැලකිය යුතුය.

අරළු ගෙඩි තලා කබලක බැද එම අගුරු වලින් දත් මැදීම

මුණමල් පොතු, නුග පොතු, කීකිරිදිය, රත් මල් පොතු, නික, කිරි අගුණ කොළ, සත කුප්ප, රුක් මල් තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

තල තෙල් වීදුරු මස්වල ආලේප කර විනාඩි 20ට පසු සෝදා ඉවත් කිරීම

මුණ මල් පොතු ස්වල්පයක් කටින් සැපීම

මුණමල් පොතු තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

දත් හිරිවැටීමට

තල තෙල් රත් කර වීදුරු මස්වල ආලේප කර විනාඩි 20ට පසුව සෝදා ඉවත් කිරිම

තල තෙල්වලින් කට සේදීම

මඳ උණුසුම් ජලයට ලූණු දියකර නිතර කට සේදීම

මුඛයෙහි දුර්ගන්දයට

අරළු තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළතබා සිට කට සේදීම

කරුංගා පුවක් තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

මුණමල් පොතු තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

තැඹිලි පොල් මල්
කුඹුක් මුල්
අරළු
නෙල්ලි
ගිරිතිල්ල මුල්
කටු කරඩු මුල්
බුළු
තල මුල්
තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

ආයුර්වේද වෛද්‍ය භූෂන්, ආචාර්ය, මහේෂ් අතුරලිය

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment