.

කොණ්ඩෙ යනවට තෙලක් රන් තැඹිලිවලින් හදමුද? ආය කවදාවත් කොන්ඩේ යන්නේ නෑ මෙන්න විශ්මිත රන් තැඹි ඔසුව.

Loading...

කොණ්ඩෙ යනවට තෙලක් රන් තැඹිලිවලින් හදමුද? ආය කවදාවත් කොන්ඩේ යන්නේ නෑ මෙන්න විශ්මිත රන් තැඹි ඔසුව. 

 කොණ්ඩෙ යනවට තෙලක් රන් තැඹිලිවලින් හදමු දිව්‍ය ලෝකයේ දෙවියන්ට සිතූ පැතූ සම්පත් ලබා දෙන වෘක්‍ෂය කප්රුක ලෙසින් හැඳින්වේ. දිව්‍ය ලෝකයේ කප්රුකට හිමි ස්ථානය මිනිස් ලොව හිමි වන්නේ පොල් ගසටයි. එතරම්ම පොල් ගස අප සංස්කෘතියට, සමාජයට වටපිටාවට, ආහාරයට ආදී නොයෙක් අංශවලට වැදගත්වන වෘක්‍ෂයක් බවට පත්වී තිබේ. අතීතයේ සිටම අප සමාජයේ තරුණියක මල්වරවී ගෙට ගෙවදින විට පොල් ගෙඩියක් බිඳ ඇයව ගෙට ගැනීමද, මනාල යුවළක් පෝරුවෙන් බසින අවස්ථාවේදී පොල් ගෙඩියක් බිඳ එයින් බැසීමද සිදු කිරීමේ චාරිත්‍රයක් පවතී. එසේම යාග හෝම බලි තොවිල් ආදී අප ඉපැරැණි සංස්කෘතික අංග හරහාද අද්විතීය තැනක් හිමි වන පොල් මඟින් කෙනකුගේ ග්‍රහ දෝෂ මකාලීමට හැකි බවටද විශ්වාසයක් පවතී. පොල් ගෙඩියට හින්දු ආගම තුළද සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර පොල් මල සෞභාග්‍යයේ සංකේතයක් ලෙසද විශ්වාස කරන බවට කදිම නිදසුනක් වන්නේ පුන්කලස සඳහාද මෙම පොල් මල යොදා ගැනීමයි. පොල් ශාකය අප දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ රෝග රැසකට ගුණ දෙන සුවිශේෂී ඖෂධ සැකසීම සඳහා ගනු ලබන ඖෂධ ශාකයක් බව කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරියේ පිහිටා ඇති දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය. එම සුවිශේෂී පොල් ඖෂධය තුළ පවතින ඖෂධීය ගුණය සහ වැදගත්කම පිළිබඳ හැරපත්දෙණිය මහත්මිය ~මව්බිම~ට මෙසේ පැවැසුවාය. ~පොල් කියන්නේ එදිදෙනා ජීවිතේදි අපිට නැතිවම බැරි දෙයක්. ආහාර පිසීමේදී පොල් කිරට හිමි තැන ලබාදෙන්න වෙනත් කෘත්‍රිම රසකාරක එකකටවත් බෑ. ඒ තරමටම අපි පොල් හා සම්බන්ධයි. පොල් ගසේ සෑම කොටසක්ම කුමන හෝ ප්‍රයෝජනයකට ගන්න නිසා මේ ගස කප්රුක කියලයි හඳුන්වන්නේ. කොහොම වුණත් පොල් ගසේ මාතෘභූමිය ලෙස හැඳින්වෙන්නේ මලයාව, නිකෝබාර් දූපත්, අන්දමන් දූපත් කියලයි පර්යේෂකයන් පවසන්නේ. ඒත් බොහෝ විචාරකයන්ගේ මතය තමයි පොල් ශාකයේ නිජභූමිය ලංකාව කියන එක. මොකද විජය කුමාරයා ලංකාවට ඒමට පෙරත් ලංකාවේ පොල් තිබුණා කියලා සාධක පවතිනවා. ~කුවේණි හෑල්ලෙත්~ ඒ බව සඳහන් වෙනවා. එහි සඳහන් ආකාරයට විජය කුමාරයා ලංකාවට ඇවිත් කලකට පසුව ඔහුට දරුණු කුෂ්ඨ රෝගයක් වැලඳුණා. මේ රෝගය නිසා විජය කුමාරයා දැඩි ලෙස පීඩා විඳලා තිඛෙනවා. පසුව ඔහුට ජීවිතේ පවා එපා වෙලා වේදනාවෙන් ඇවිදගෙන යනකොට තරමක් විශාල ගෙඩියක් හමු වෙලා. විජය කුමරා ඒක අතට අරගෙන හිතලා තිඛෙනවා මේක නම් විස සහිත පලයක් තමයි. මං මේක කාලා මරණයට පත්වෙනවා කියලා. විජය කුමාරයා ඒ ගෙඩිය තළලා ඇතුළේ මදය අනුභව කරලා තිඛෙනවා. නමුත් වෙලා තිඛෙන්නේ වෙනත් දෙයක්. විජයට වැලඳී තිබුණු කුෂ්ඨ සියල්ලම ඒ පලය අනුභව කරලා දින කිහිපයකින් සුව වුණාලු. කුවේණි හෑල්ලේ සඳහන් වන විදියට ඒ ගෙඩිය වෙන කිසිවක් නෙවෙයි. රන්තැඹිලි ගෙඩියක්. ඒ විතරක් නෙවෙයි. අප පැරැණි ග්‍රන්ථවල සඳහන් වෙනවා අනුරාධපුරය, පොළොන්නරුව වගේ රාජධානිවල රජ කළ ඇතැම් රජවරු පොල් ශාකයට විශේෂ සංරක්‍ෂණ වැඩපිළිවෙළ යොදලා තිඛෙනවා කියලා. පොල් ශාකයට හානි පැමිණවීම රාජ උදහසට කරුණක් වෙලත් තිඛෙනවා. අතීත රජවරුන් පවා පොල් ශාකයට එවන් සුවිශේෂී තැනක් ලබා දුන්නා. අතීතයේ පටන්ම සුවිශේෂී ස්ථානයක් හිමිවූ පොල් ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය ඛ්ධජධඵ ව්භජඪටඥපච නම් වේ. මෙය අයත් වන්නේ ඒපචජපචඥ කුලයටයි. මෙම ශාකය තුළ පවතින රෝග නැසීමේ මහා ඖෂධීය ගුණය පිළිබඳවද ආයුර්වේදයේ මෙයට හිමි තත්ත්වය පිළිබඳවද ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. ~අප සිංහල භාෂාවේ පොල් විවිධ නම්වලින් හඳුන්වනවා. නෙරලු, දෘඩ්පල, මාරුක් යන සුවිශේෂී නම්වලින් පොල් හඳුන්වනවා. එයට අමතරව සංස්කෘත බසින් ජල ඵල, පූටෝදක, මහාඑල යන නම්වලින් හඳුන්වන්නේත් පොල් තමයි. ලංකාවේ නම් වියළි තෙත් කලාපවල පොල් ශාකය පවතිනවා. පුත්තලම, කුරුණෑගල, ගම්පහ පොල් ත්‍රිකෝණය ලෙස නම් කරන්නෙත් ඒ ප්‍රදේශවල විශාල ලෙස මේ ශාකය පවතින නිසයි. පොල් ප්‍රභේද කිහිපයක් පවතිනවා. සාමාන්‍ය පොල්, රන්තැඹිලි, කුන්දිරා, ගොන් තැඹිලි ඒ ප්‍රභේද කිහිපයයි. රන්තැඹිලි හා කුන්දිරා වර්ගවල ලෙල්ල තුනී. ඒ වගේම කටුවත් තරමක් තුනී බවින් යුක්තයි. මේ ප්‍රභේද දෙකේ විශේෂත්වයක් තමයි ඇතුළත ලෙල්ල තරමක් රෝස පැහැයක් ගැනීම. ගොන් තැඹිලි සහ සාමාන්‍ය පොල් බහුල වශයෙන් පවතිනවා. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව පොල් කියන්නේ ලෙඩ රාශියකට සුවය සලසන මහා ගුණ සහිත ඖෂධයක්. අප දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හරහා පොල් ශාකයේ මුල්, කොළ, පොල්පිත්තේ බූව, පොල් වතුර, මී රා, රා, පොල් මද, ළපටි පොල්ගෙඩි, කහකඩ කියන පොල් ගහේ සෑම අංගයක්ම ඖෂධ සැදීම සඳහා යොදාගන්නවා. ඒ වගේම පොල් ගෙඩියේ කුඩාම අවධිය වන කුරුම්බැට්ටියේ සිට කලටි, පැසුණු පොල්, වියළි පොල්, කොට්ට පොල් (ගුඩු පොල්), කොප්පරා (ගුඩු පොල්ද කල්ගත වූ පසුව) දක්වා සෑම අවධියකම පොල් අපි ඖෂධ නිෂ්පාදන කරන්න ගන්නවා.~ කුඩා දරුවන්ගේ සමේ ඇතිවන රත් බිබිළි පලු (රත ගාය) නැතිකිරීම සඳහා ළපටි පොල් කොළවලින් ඔබට නිවෙසේ සිටම සාදාගත හැකි අගනා ඖෂධයක් සාදන ආකාරය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය. ~ඇතැම් විට කුඩා දරුවන්ගෙ හමේ රත් පැහැලප, පලු වගේ ~රතගාය~ හටගන්න පුළුවන්. එවන් අවස්ථාවකදි ළපටි පොල්කොළ, ඉදුණු කැප්පෙටියා කොළ, රත් මල් කැකුළු, කපු කොළ, මේ කොළ හතර වෙන් වෙන්ව අරගෙන කොටලා මිලි ලීටර් 240ක් බැගින් ඒ සෑම වර්ගයකින්ම යුෂ ගන්න. අනතුරුව ඒ සියලුම යුෂ වර්ග එකට මිශ්‍ර කරලා ඒකට තල තෙල් මිලිලීටර් 240කුත් එකතු කරන්න. ඉන්පසු අර කලින් අඹරා යුෂ ගත්ත පත්‍ර සියල්ලේම රොඩ්ඩ නැවතත් එකට මිශ්‍ර කරලා පොල් කොළ යුෂෙන් ඒක සියුම් වෙන්න අඹරා ගන්න. හොඳින් සිහින්ව අඹරා ගත් පසුව තල තෙල් සහ පණු සාර යුෂ මිශ්‍රණයට එය මිශ්‍ර කරලා හොඳින් කලවම් කරලා තෙල් ටික බේරෙන්න අව්වේ තියන්න. ඒ බේරෙන තෙල් ටික පෙරාගෙන අරගෙන කුඩා දරුවන්ගේ රත් බිබිළිවලට දිනකට දෙවරක් බැගින් ආලේප කරන්න. මෙය ඉක්මන් සුවය සලසන අත්ඛෙහෙතක්. කාන්තාවන්ගේ ගර්භාෂගත ඕනෑම රෝගයකට සුවයක් ලබාදෙන ඖෂධයක් පොල් මල් හා සම්පාදිත ඖෂධ කිහිපයක භාවිතයෙන් සාදාගන්න හැටි මම කියන්නම්. ඒකට භාවිත කරන්න ඕනේ තැඹිලි පොල් මල්. මේ ඛෙහෙත හඳුන්වන්නේ ~තැඹිලි පොල් මල් පුටපාකය~ කියලයි. ළපටි තැඹිලි පොල් මල්, අළුකෙසෙල් අල, අත්තික්කා පොතු, මාදං පොතු, ළපටි පොල් මල් (තැඹිලි මල්වලට අමතරව) යන ද්‍රව්‍ය සමව අරගෙන හොඳින් අඹරාගෙන නුග කොළේක හරි කෙසෙල් කොළේක හරි ඔතලා ඒ කොළේ මතුපිට නොලිහෙන්න මැටි ගාලා අවුවේ වේළා ගන්න. මැටි වේළුණාම උණ අළු පල්ලේ ඒක පුච්චලා මැටි රන් පැහැ වුණාම ළිපෙන් අරගෙන රස්නය ගියාම ලිහලා ඇතුළේ ඖෂධ හොඳින් මිරිකා යුෂ බොන්න. ගර්භාෂයේ ඕනෑම රෝගයකට මේක හොඳම ගර්භාෂ රෝග, මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමඟ ලේ පිටවීම ශරීර අභ්‍යන්තරය දැවිල්ල, ආමාශගත වේදනා ආදී සියලුම රෝගවලට පොදුවේ දෙන්න පුළුවන් හොඳ කෂායක් පොල් මුල්වලින් හදාගන්න හැටි මම කියන්නම්, පොල් මුල් පිරිසුදු කොට ස්වල්පයක් අරගෙන මුට්ටියකට දාන්න. ඒකට සහිඳ ලුණු, ඉඟුරු සුළු ප්‍රමාණයක් එකතු කර වතුර පත 8ක් දමා පත එකට සිඳුවා උදේ හවස පත භාගය බැගින් මී පැණි සමඟ බොන්න. ඉහත සඳහන් කළ සෑම රෝගයකටම සහ විවිධ උණ රෝගවලින් පෙළෙන අයටත් මේක රෝග නාශක ගුණය ඉහළින්ම ඇති හොඳ කෂායක්.~ පොල් පිත්තක් ගසට සම්බන්ධ වන ස්ථානයට සමීපව පොල් පිත්තේ කහ පැහැති සුඹුලක් ඔබ දැක ඇත. ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය පවසන පරිදි එම පොල් සුඹුල අරගෙන පොල් තෙල් හා මිශ්‍ර කොට අලුත ලේ ගලන තුවාලවල එය ආලේප කිරීමෙන් රුධිරය වහනය වීම සිදු නොවේ. තවද පොල් ගසේ පොත්ත පුලුස්සා ගත් අළු දත් මැදීම සඳහා යෝග්‍ය බවද මුඛය ආශ්‍රිත රෝග නැසීමේ සහ බැක්ටීරියා විනාශ කිරීමේ සුවිශේෂී හැකියාවක් ඒ තුළ පවතින බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. පොල් වතුර, තැඹිලි වතුර පිළිබඳ ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථවලද සඳහන් වේ. තැඹිලි වතුර තුළ පවතින සුවිශේෂී සීනි රසය සහ ඛනිජ ලවණ හේතුවෙන් රුධිරය සමඟ ක්‍ෂණිකව මිශ්‍රවීමේ හැකියාවක් මෙම දියරය සතුව පවතී. අතීත යුද්ධවලදී සොල්දාදුවන්ගේ සිරුරෙන් ලේ පිටවීම් සිදුවූ විට සේලයින් වෙනුවට තැඹිලි වතුර දී ඇති බවත් එය ශරීරය ප්‍රාණවත් කිරීමට ඉතාමත්ම යෝග්‍ය ඖෂධ දියරයක් බවත් හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය. ~තැඹිලි වතුර කියන්නේ ඇඟ ප්‍රාණවත් කරන රසවත් ප්‍රාණයක්. මේ තැඹිලි වතුර භාවිතයෙන් ඖෂධ දියර හදලා විවිධ රෝගවලට පිළියමක් ලෙස පානයට දෙනවා. මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගය ආශ්‍රිත වේදනාව, ආමාශගත වේදනාව ආදී රෝග රැසකට ගුණ දෙන ඖෂධීය පානයක් කුරුම්බා, තැඹිලි වතුරින් සාදාගන්නා හැටි මම කියන්නම්. තැඹිලි වතුර භාජනයකට ඉඟිනි ඇට, සුදු හඳුන් දියකර රැයක් වසා තබා උදෑසන පානයට ගන්න. මුත්‍රා දැවිල්ල, බඩ දැවිල්ල ආදී රෝග රැසකට ඉක්මන් සුවයක් එමඟින් ලැඛෙනවා. අපේ දේශීය චිකිත්සාවේ තැඹිලි වතුර සම්පාදන ඖෂධ බහුල වශයෙන් තිඛෙනවා. ඒ වගේම කිසිදු සම්පාදිත ඖෂධයකින් තොරව නිකම්ම තැඹිලි වතුර කුරුම්බා වතුර පානය කරනව නම් මුත්‍රා අමාරු, ආමාශගත රෝග මුත්‍රා සමඟ ලේ පිටවීම වගේ රෝගවලට එය හොඳ ඖෂධයක්. කෑම අරුචිය, අප්‍රාණිකත්වය, ආමාශ දැවිල්ල වගේ රෝගවලින් පෙළෙන අයට තැඹිලි වතුර පත 8ක් 1ට සිඳුවා ඒ සිඳුවාගත් පත එකට ඉදුණ කෙසෙල් ගෙඩි 2ක් පමණ තළා මිශ්‍ර කර බොන්න දෙන්න. කෑම අරුචියට, ඇඟපත අප්‍රාණිකත්වයට, ආමාශ දැවිල්ලට ඒක හොඳ ඖෂධීය පානයක්.~ ආයුර්වේදයේදී විවිධ තෙල් අතර පොල් තෙල්වලට හිමිවන්නේ අද්විතීය තැනකි. විවිධ බැක්ටීරියා වෛරස් විස නැසීමේ විශේෂ හැකියාවක් ඇති පොල් තෙල් ආයුර්වේදයේ විවිධ රෝග සඳහා ඔසු පිණිස දෙන තෙල්වලට සම්පාදිත ඔසුවක් ලෙසද භාවිත කරනු ලබයි. ‍ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය පවසන පරිදි නීල්‍යාදී තෙල්, පිලිස්සුම් තෙල් සහ බටු තෙල් සඳහාද බහුල වශයෙන් පොල් තෙල් භාවිත කොට තිබේ. අප එදිනෙදා ජීවිතයේ ආහාර පිසීම සඳහා හිසේ ආලේප කිරීම සඳහා පොල් තෙල් නිවෙසේදීම සිඳගත හැකි බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. පොල් තෙල් අපිට අපේ නිවෙසේදීම සිඳ ගන්න පුළුවන්. පොල් ගෙඩි කිහිපයක් ගාලා අරගෙන ඒවායේ මිටි කිරි ගන්න. පසුව ඒක ළිපේ තබා මඳ ගින්නේ රත් කරන්න. මඳින් මඳ රත්වීමේදී තෙල් බේරෙනවා. ඒ තෙල් පෙරා බෝතලයකට දාගෙන ඔබේ ඉදිරි වැඩකටයුතුවල අවශ්‍යතා සඳහා යොදා ගන්න. අපි ගෙදරදී ඒ ආකාරයට සිඳින තෙල් ආයුර්වේදයානුකූලව ~අත් තෙල්~ කියලා හඳුන්වනවා. අද ගොඩක් අය වෙළෙඳපොළේ දක්නට ඇති විවිධ රසායනික වස අඩංගු තෙල් වර්ග භාවිත කරලා අකලට කෙස් ඉදීම, කෙස් යෑම, කෙස් පැළීම වගේ ලෙඩ රැසකට මැදිවෙලා සිටිනවා. ඒ තත්ත්වයේ ඉන්න අය එයින් මිදවීමටත් යහපත් කේශ කලාපයක් ඇති ස්ත්‍රී පුරුෂ සෑම දෙනාටම ඒ තත්ත්වය පවත්වාගෙන යෑමටත් රන් තැඹිලිවලින් හොඳ ඖෂධීය ගුණ සහිත තෙලක් සාදාගන්නා හැටි මම කියන්නම්. පොල්ගෙඩි පහක් පමණ හිරමනේ ගාගෙන එහි මිටි කිරි ගන්න. පසුව ඒක ළිපේ තබා රත් කරනකොට මඳින් මඳ තෙල් බේරෙනවා. ඊට පසුව තෙල් පෙරළා අරගෙන ඒ තෙල් බෝතලයකට දමා ගැඹුරු තෙලේ බැඳ ගත් රතු ලූනු කැබලි කිහිපයක්, අමු සැවැන්දරා ස්වල්පයක් සහ බැදපු උළු හාල් කුඩු ස්වල්පයක් මිශ්‍ර කරලා දිනපතා ඔළුවේ ගාන්න. තට්ටය පෑදෙන අයට ඒ තත්ත්වයෙන් මිදීමටත් අකලට කොණ්ඩෙ ඉදෙන අයට එයින් මිදීමටත් මේ තෛලය ඉතාමත් වැදගත්. මේක ස්ත්‍රී පුරුෂ කාටත් උචිත තෙලක්. මෙහි කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගුව නැති නිසා හිසේ කෙස් අවපැහැ ගතියෙන් මුදා හොඳ කාලවර්ණයක් ලබාදීමක් පවා කරනවා.~ පොල් ශාකයේ විසබීජ නාශක ගුණයක්ද පවතී. අලුත උපන් බිලිඳුන්ගේ හම ඉතා සියුම් බැවින් විස බීජවලට ඔවුන් ගොදුරුවීමේ අවදානම වැඩිය. එබැවින් කුඩා බිලිඳකු දිනපතා නෑමට පෙර ඔහුගේ හම පිරිසුදු කිරීමට සුදුසු ආලේපන තෛලයක් සාදාගන්නා ආකාරයද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. ~අපි මේ ඖෂධත් තෛලය හඳුන්වන්නේ ~තෙල් කිරි~ කියලා. ඕනෑම පොල් වර්ගයක් හිරමනේ ගාගෙන එහි මිටි කිරි අරගෙන එයට කහ කුඩු ටිකක් මිශ්‍ර කිරීමෙන් අනතුරුව පැතැලි බඳුනකට දමා ඉර අවුවේ තබන්න. ඉන්පස්සේ මඳින් මඳ බේරෙන තෙල් බෝතලයකට දමා ගන්න. දිනපතාම බිලිඳා නැහැවීමට පෙර මුළු සිරුරේම මේ තෙල් ආලේප කර විනාඩි පහක් පමණ තබා පසුව බිලිඳාව නාවන්න. බිලිඳාගේ සිරුරට අහිතකර ඕනෑම විසබීජයක් මේ ~තෙල් කිරි~ මඟින් විනාශ කෙරෙනවා. යමකු හන්දිපත් වේදනාවෙන් පෙළෙන විට ශරීරයේ තැල්මක්, වේදනාවක්, ඉදිමුමක් වැනි රෝගයක් ඇත්නම් එම සෑම රෝගයක් සඳහාම ~තෙල් කිරක්~ සාදාගන්නා ආකාරයද ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. ~ගොනු කෑ කොළ, ඔලිඳ කොළ, ජෝතා කොළ, බැලතණ, අමුකහ කියන මේවා සමව අරගන්න. ඉන් පසුව තැඹිලි පොල් ගෙඩියක් හිරමනේ ගා ගෙන පෙර සඳහන් ඖෂධ හා මිශ්‍ර කර කොටන්න. කොටලා හොඳින් මිරිකා ගත් යුෂ අරගෙන පැතැලි තැටියකට දාලා අවුවේ තියලා තෙල් බේරුණාම මතුපිට තෙල් කොටස පෙරා බෝතලයකට දමා ගන්න. හන්දිපත් වේදනාවකදී, ඉදිමුමකදී වගේ රෝගයකදී මේ තෙල් කිරි ඒ ස්ථානයේ වරින් වර ආලේප කරන්න. ඉක්මන් ගුණයක් අත් වේවි...~ අලුත බිලිඳුන් බිහි කළ මවුවරුන් සඳහා කොට්ට පොල්වලින් සෑදූ සම්බල් දීම ඉතාමත් යෝග්‍ය බවද ශරීරයේ වේදනාව නැති කොට මවගේ කිරි වර්ධනය කිරීමට එය වටිනා ඖෂධයක් බවද හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය. ආමාශගත දැවිල්ල, බඩේ තුවාල වැනි උදරය ආශ්‍රිත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ඒ තත්ත්වයෙන් මිදීම සඳහා අද්විතීය ඖෂධයක් පොල් මඟින් සාදාගන්නා ආකාරය හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. ~මෙහි නම ~නාරි කේල ලවණ ඔසුව~ යමෙක් ආමාශගත රෝග පීඩාවකින් පෙළෙනව නම් උදරය ආශ්‍රිත ඕනෑම ලෙඩකින් පෙළෙනව නම් මේ ඖෂධය සාදාගෙන ආහාරයට ගැනීම හරහා නිසි සුවයක් ලබන්න පුළුවන්. පොල් ගෙඩියක් ඔයලා අරගෙන පොල් මුඩුව ඉවත් කර ගෙඩියේ සුඹුල් හොඳින් ඉවත් කරන්න. ඉන්පසු පොල් ගෙඩියේ මුදුනත ඇස් තුනෙන් එක ඇහැක් සිදුරු කරලා වතුර ඉවත් කරලා පොල්ගෙඩිය පිරෙන තුරු සහිඳ ලුණු පුරවන්න. ඉන්පසු ගෙඩිය වටේට රෙදි කඩක් ඔතලා ඒකට මැටි ගහලා අව්වේ හොඳින් වියළාගෙන සෙන්ටිග්‍රේට් අංශක 800ක් 1000ක් අතර උෂ්ණත්වයක පැයක් පමණ පොල් ගෙඩිය පුච්චන්න ඉන්පසුව නිවුණු පසු මැටි ඉවත් කර ගන්න. කටුව පිච්චිලා සහිඳ ලුණු පොල් මදය සමඟ මිශ්‍ර වෙලා තිඛෙන ආකාරය ඔබට දැකගන්න පුළුවන්. පොල් කටු කොටස් ඉවත් කරලා සහිඳ ලුණු මිශ්‍ර වුණු මදය අරගෙන හොඳින් කොටා කුඩු කරලා අරගෙන බෝතලයකට දාගෙන දිනපතා උදේ හවස තේ හැන්ද බැගින් එය ආහාරයට ගන්න. ආමාශගත රෝගවලට එය ඉතාමත්ම ගුණදායකයි.~


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment