.

කරදරකාරී සමේ රෝග නිට්‌ටාවට සුව කරන විශ්මිත ආයුර්වේද ප්‍රතිකර්මයක්ලස්සනට හැඩට ඉන්න කැමති නම් මෙන්න රහස කියවලා බලන්න.

Loading...

කරදරකාරී සමේ රෝග නිට්‌ටාවට සුව කරන විශ්මිත ආයුර්වේද ප්‍රතිකර්මයක්ලස්සනට හැඩට ඉන්න කැමති නම් මෙන්න රහස කියවලා බලන්න.

පැහැපත් වූ සුවපත් සමක්‌ ඇත්නම් ඔබට කෙතරම් සතුටු විය හැකිද? සම යනු ශරීරයේ පිටතින්ම පවතින ඉතා වැදගත් කාර්යයන් ගණනාවක්‌ ඉටු කරන ඉන්ද්‍රියකි.

සමෙන් ඉටුවන කාර්යයන් මොනවාද?

* සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්‍ෂා කිරීම.

* සිරුරේ ඇතැම් ස්‌ථාන වලට හැඩයක්‌ ලබා දීම

* සිරුරෙහි උණුසුම නියත මට්‌ටමක තබා ගැනීමට දායක වීම.

* ශරීරයට එකතු වූ විෂ, අපද්‍රව්‍ය බහිස්‍රාවී ක්‍රියාව මගින් බැහැර කිරීම.

නමුත් විවිධ හේතූන් මත පැන නැගෙන ගැටළුකාරී තත්ත්වයන් ගණනාවකින් සම රෝග වලට ගොදුරු වේ. එය ශරීරයට බාහිරින් පැමිණෙන ක්‍ෂුද්‍ර ජීවී ආසාදනයක්‌ විය හැක. එවැනි බෝවන රෝග තත්ත්වයන් ස්‌පර්ෂයෙන්, ලිංගික ක්‍රියා මගින් හෝ අපිරිසිදුකමින් සම්ප්‍රේෂණය වේ. එවන් අවස්‌ථාවකදී වත්මනෙහි අති දියුණු තාක්‌ක්‍ෂණික ක්‍රම මගින් නිපදවන ලද ක්‍ෂුද්‍ර ජීවී නාශක ඖෂධ වඩාත් යෝග්‍ය වුවද එසේ පිටතින් පැමිණෙන විෂබීජ මගින් සමෙහි ආසාදනයන් ඇති වන්නේ කුමක්‌ නිසාදැයි සලකා බැලිය යුතුය.

සැබැවින්ම ඊට හේතු වනුයේ ක්‍ෂුද්‍ර ජීවීන්ට පහසුවෙන් වැඩීමට අවශ්‍ය පරිසර තත්ත්වයන් (උෂ්ණත්වය හා තෙතමනයන්) එම පුද්ගලයන්ගේ කායික අභ්‍යන්තර හේතූන් මගින් ඇතිවන බැවිනි. එවැනි අවස්‌ථාවලදී පිටතින් පැමිණෙන විෂබීජයන්ගේ ආසාදනයන් විකර්ෂණය කළ හැකි ඒවාට ඔරොත්තු දෙන ඉහළ ප්‍රතිශක්‌තීන් ගොඩනගා ගැනීමට දියුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඇසුරු කිරීම යෝග්‍ය වේ.

ක්‍ෂුද්‍රජීවී ආසාදනයන්ගෙන් තොරව එනම් බෝ නොවන තත්ත්වයන් යටතේ සමේ ස්‌වභාවික තත්ත්වයට හානි පමුණුවමින් හට ගන්නා විවිධ සමේ රෝග නිට්‌ටාවටම සුව කළ ගත හැකි ක්‍රමයන් තිබේදැයි සොයා බැලිය යුතුය.

මෙවැනි අවස්‌ථාවලදී මිහිමත ඇති සියලු වෛද්‍ය ක්‍රම අභිබවමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පෙරමුණේ සිටී.

ඉහත කී බෝ නොවන සමේ රෝග ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ විවිධ හේතූන් නිසා රක්‌තය දූෂණයට ලක්‌වීමයි.

රක්‌තය දූෂණය වන හේතු මොනවාද?

* ශරීර ප්‍රකෘතිය ( උපතේ සිටම පුද්ගලයෙකුට උරුම වන ''වා'' ''පිත්'' ''සෙම්'' දෝෂයන් අතුරින් පිත් දෝෂය අධික වූ උෂ්ණාධික ශරීර තත්ත්වයන් ඇති අයගේ සම පැසවීම බහුල වන අතර එයට ''වා'' ''සෙම්'' දෝෂවල දායකත්වයෙන් සම වියළීම, ඉරිතැලීම හෝ කැසීම ආදී ලක්‍ෂණ මතුවේ.

* ආහාර විහරණයන් ( පරිභෝජනය කරන ආහාරවල ආම්ලික ප්‍රභවයන් (බිලිං, ගොරකා, සියඹලා, තක්‌කාලි අන්නාසි ආදි විටමින් සී පදාර්ථ බහුල ආහාරවල ඇති ඇස්‌කොටික්‌ ඇසිඩ්, සිට්‌රික්‌ ඇසිඩ් බහුලත්වය හේතුවෙන් සහ උෂ්ණාධික ආහාර (දෙල්, කිරි අල, ඉස්‌සෝ, දැල්ලෝ, බලමාළු, කකුළුවෝ) අධිකව පරිභෝජනය නිසා කෙලින්ම රක්‌ත දෝෂ ඇති වේ.

ඊට අමතරව රාත්‍රී නිදි වැරීම, දහවල නිදිම, තද අව්වේ ගමන් බිමන් යැම, කෑ පිට කෑම, විරුද්ධ ආහාර භෝජනය මත්පැන් භාවිතය ආදි අහිතකර විහරණයන් (ක්‍රියාවන්) නිසා රක්‌ත දෝෂ හට ගැනීම

* ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාවයන් ( ඇතැම් පුද්ගලයන්ගේ ආහාර ජීර්ණයේ පවතින දුර්වලතාවයන් නිසා ගන්නා ආහාර ශරීරයට ගත හැකි අවසාන ඵල දක්‌වා භේදනය නොවී අවශෝෂණය වී (මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ආමරසය හෙවත් අමු ආහාර රසය ලෙස දැක්‌වේ.) රක්‌තයට එකතු වීමෙන් නිරන්තරයෙන් රක්‌තය දූෂණය වේ.

* මානසික හේතු මත( නිතර ඇතිකර ගන්නා වෛර ක්‍රෝධ සිතුවිලි, කනස්‌සල්ල, නිතර කේන්ති ගැනීම්, කාර්යබහුලත්වය නිසා ඇතිව යන මානසික පීඩනයÊආදී හේතූන් නිසා රක්‌ත දෝෂ හට ගනී.

* දිගු කලක්‌ දියවැඩියාව පැවතීම( දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගේ රුධිරයට නිරතුරුවම විෂ කොටස්‌ එකතුවන්නේ එයද ආහාර ජීර්ණයේ විකෘතියක්‌ වන බැවිනි. දීර්ඝකාලීනව දියවැඩියාවට ඉවක්‌ බවක්‌ නැතිව පෙති ගිලින්නන් එමගින් සමේ රෝග වැනි අතුරු ආබාධ ඇති වන්නේ යෑයි නිතර මැසිවිලි නගති. (''දියවැඩියා රෝගීන් පෙලෙන අතුරු ආබාධ සුවකල හැකියි'') යන මාතෘකාව යටතේ ඉදිරියේ දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ.

ඉහත හේතු නිසා හට ගන්නා වර්තමානයේ බහුල බෝ නොවන සමේ රෝග මොනවාද?

* සමේ පලු දැමීම ( ඇතැම් අයට විවිධ දෑ ස්‌පර්ශ වීම (ශාක වල බූව, දළඹුවන් ආදි වූ...) නිසා විෂම වූ ආහාර වර්ග හෝ ක්‍රිමි දෂ්ඨන (මදුරුවන්, මකුනන්,....) නිසා සිරුර පුරා පළු දැමීම සහ අසාත්මිකතාවයන් වලින් ආරම්භ වී ඇතැම් විට දරුණු පීඩාවන් ඇතිකරවන අවස්‌ථා තිබේ.

ඇතැම් අයට කැසීම් නිසා හෝ සවස්‌ කාලයේ දිය නෑම, ඇඟපත සේදීම වැනි අවස්‌ථා වල පලු දැමීම ඇති වේ. (කාන්තාවන් අතර මෙම තත්ත්වය බහුලය.)

* මදුරුවන් දෂ්ඨ කළ විට හෝ ඉබේටම තැන් තැන් වල ඇති වන කුඩා බිබිලි විශේෂයන් කැසීම නිසා ඇතමුන්ගේ තුවාල හට ගනී. ක්‍රමයෙන් වේගවත්ව මේවා පැතිරී යයි. ඇතැම් විට තෙත් වූ දියර වගුරයි. මෙවැනි පැතිරෙන සුළු තුවාල ශරීරයේ ඕනෑම තැනක හට ගත හැකිය.

* ඊටත් වඩා ප්‍රබලව රක්‌ත දෝෂ ඇති අයට දෙපා වල දණහිසින් පහළ ප්‍රදේශ වල සම පපුරා තෙත දියර ගලන අධික කැසීම් සහිත වාතරක්‌ත අවස්‌ථාවන් මතුවේ. ඇතැම් විට මේවා පාද හෝ ඇඟිලිකරු ආශ්‍රිතව සන්දි වල කැසීම් වලින් ආරම්භ වේ.

* සමේ රෝග වල දරුණුතම අවස්‌ථාව වනුයේ විවිධාකාරයෙන් හට ගන්නා කුෂ්ඨ රෝගයන් ය. මේවා බොහෝ විට පෙර භව වලදි කරන ලද අකුසල කර්මයන්ගේ බලපෑම් මතින් ඇති වන පීඩාකාරී අවස්‌ථාවන් වේ.

ඒ ඒ පුද්ගලයන්ට ආවේණික වූ කර්මානුරූප හේතූන් අනුව එවැනි කුෂ්ඨ රෝග වල ව්‍යාප්තිය සිදුවී ස්‌ථානගත වන බැවින් ඖෂධ ප්‍රතිකාරයන්ට සමගාමීව මෛත්‍රී සහගතව සිදුකළ හැකි ආධ්‍යාත්මික පුණ්‍ය ක්‍රියාවන්ට යොමු වීම මෙවැනි අවස්‌ථාවලදී සිදු කළ යුතුවේ. a

සමේ රෝග ඇතිවන බොහෝ අවස්‌ථාවලදී එම රෝග වලට සමගාමීව ඇති වන විවිධ වූ වෙනත් කායික රෝග ද හට ගනී. ඇදුම, පීනස, අර්ශස්‌, බඩ පුරවා දැමීම, මළබද්ධය, බඩගින්න අඩුවීම හෝ අධික බඩගින්න ආශ්‍රිත ජීර්ණ පද්ධතියේ දෝෂ, (ගැස්‌ට්‍රයිටිස්‌ මේ අතුවින් ප්‍රධානත්වයක්‌ ගනී.) හිසේ කැක්‌කුම, නින්ද නොයාම, අධික නිදිමත, අධික ලෙස කේන්තියාම, ඇස්‌ කන් කැසීම්, උගුරේ සෙම පැටලීම, සෙම්ගෙඩි, නිතර සෙම ඇවිස්‌සීම ආදි බොහෝ රෝග හා රෝග ලක්‍ෂණ අවස්‌ථානුකූලව ඒ ඒ පුද්ගලයන්ට ආවේණික ලෙස ප්‍රමුඛ වේ.

විමර්ශනශීලීව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියෑළෙන්නන්ට එක විට එක රෝග තත්වයක්‌ හෝ ලක්‍ෂණයක්‌ පිළිබඳව පමණක්‌ සලකා බැලීමකින් තොරව ඉහත සියලු ලක්‍ෂණයන් හෝ රෝග තත්වයන් පිළිබඳව පුළුල්ව සොයා බලා සැලසුම් සහගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියලු රෝග නිට්‌ටාවටම සුවකර ගත හැකිය.

වත්මන් සමාජයේ බුද්ධිමත් විමර්ෂණශීලී සියල්ලන්ම පාහේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව තිරසාර විශ්වාසයක්‌ ගොඩනගාගෙන තිබුනද මෙම වෛද්‍ය කර්මයන්හිදි අමුqද්‍රව්‍ය සොයා, කපා කොටා සකස්‌කරගෙන කෂාය තැම්බීම සහ වෙනත් ඖෂධ පිළියෙල කරගැනීම් නිසියාකාරයෙන් සිදුකර ගැනීමට අපහසුවීම නිසා මෙම විශිෂ්ට වූ වෛද්‍ය ක්‍රමයට අවතීර්ණ නොවේ.

නමුත් ඉපැරණි ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන අපගේ හෙල වෙදකමෙහි සශ්‍රීක මූලාශ්‍රයන්ගෙන් පෝෂණය වූ රන්පත වෙද පරපුරෙහි විස්‌මිත වෙදකම් නිර්මාණශීලීව යාවත්කාලීන කර ඇත්තේ රෝග නිට්‌ටාවටම සුවපත් කර ගැනීමට නව මඟක්‌ විවර කරමිනි.

ඕනැම කාර්යබහුල අවස්‌ථාවන්හීදී රැකියාවන් කරන අතරතුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ට වූ ඖෂදීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිළියෙල කළ කෂාය වර්ග, පෙති ලෙස සකස්‌ කළ කෂාය වර්ග, ගුලි වර්ග, කල්ක, චූර්ණ නිෂ්පාදනය කර ඇත්තේ විවිධ පීඩාවන්ගෙන් පෙලෙන සුවහසකගේ රෝග පහසුවෙන් නිට්‌ටාවටම සුවපත් කිරීම උදෙසාමය. වැඩිදුර විස්‌තර සඳහා 071 300 90 88 / 011 4 344 599 අංක අමතන්න

ආයුර්වේද වෛද්‍ය
රන්පත රුවන් රත්නායක
රන්පත් වෙද මැදුර නො. 663,
නුවර පාර, පෑලියගොඩ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment