.

ඇස් යට කළු වෙලා නම් මේ දේවල් කරලා බලන්න

Loading...
ඇස් යට කළු වෙලා නම් මේ දේවල් කරලා බලන්න


බොහෝ තරුණියන් මුහුණදෙන ගැටළුවක් තමයි ඇස් යට කළු වීම. ඔබ මුහුණට කොපමණ සත්කාර කළත් ඇස් යට අවපැහ වී ඇත්නම් එය කැපිලා පෙනෙනවා. ඒ නිසා මුහුණ පැහැපත් වීමට සත්කාර කරන ගමන් ඇස්යට කළු වීමට ප්‍රතිකාර කරන්නත් අමතක කරන්න එපා.

ඇස්යට කළු වීමට හේතු?

හිරු රශ්මියට නිරාවරණය වීම
තුනී සම හරහා පෙන්වන ශිරා හා කේශනාලිකා
අසාත්මිකතා
ජාන ගති ලක්ෂණ
ඇස් වටා වියළි වීම සහ හානි වූ සෛල එක්රැස් වීම
බොහෝ වෙලාවක් පරිඝනක භාවිතය
නිසි වෙලාවක් නින්ද ලබනොගැනීම
මානසික පීඩනය
ඇස්යට අඳුරු පැහැ වීම අඩුකරගන්නේ කොහොමද?

දිනපතා SPF 25 සහිත සැහැල්ලු ෙමොයිස්චරයිසර් එකක් ඇස් වටා අලේප කරන්න.
ක්රියාකාරී අමුද්රව්ය ලෙස සින්ක් ඔක්සයිඩ් සහ / හෝ ටයිටේනියම් ඩයොක්සයිඩ් පමණක් ඇති sunscreen එකක් භාවිතා කරන්න.
හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකීම සඳහා UV400 සහිත අව් කණ්නාඩි පළඳින්න.
ඔබට අසාත්මිකතා ඇතිනම් එය ඇස්යට කලුවිමට සහ ඇස් ඉදිමුමට (puffy eyes) ප්‍රධාන හේතුවක් විය හැකියි, ඒ නිසා එයට වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න.
රාත්‍රියේදී සම මෘදු කරන මොයිස්චරයිසර් එකක් ඇස් වටා භාවිතා කරන්න.
සුදුසු under eye cream එකක් දිනපතා භාවිතා කරන්න, niacinamide සහ විටමින් C දෙකම අඩංගු ක්‍රීම් වඩාත් සුදුසුයි.
හොඳ concealer එකක් භාවිතා කරන්න. එමගින් ඇස්යට කළු වීම ආවරණය කරගන්න පුළුවන්.
ඇස්යට කළු වීමට ස්වාභාවික ප්‍රතිකාර

01. ආමන්ඩ් ඔයිල්

රාත්‍රී නින්දට යාමට පෙර ආමන්ඩ් ඔයිල් ස්වල්පයක් ඇස් වටා ආලේප කර හොඳින් මසාජ් කරන්න. පසුව උදෑසන සිතල ජලයෙන් සෝදාහරින්න.

02. පිපිඤ්ඤා

නැවුම් පිපිඤ්ඤා ගෙඩියකින් ඝන පෙති 2ක් කපා එය විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු එම පෙති 2 ගෙන ඇස් වටා ප්‍රදේශයේ විනාඩි 10ක් පමණ තබාගෙන සිටින්න.

03. අර්තාපල්

අර්තාපල් ගෙඩියක් හොඳින් ග්‍රේට් කරගෙන එහි යුෂ පෙරාගන්න. පසුව කපු පුළුන් එහි පොඟවා ඇස් වටා ප්‍රදේශයේ තබාගෙන සිටින්න. විනාඩි 10ක් පමණ මෙසේ සිටීමෙන් පසුව සිතල වතුරෙන් සෝදාහරින්න.

04. තක්කාලි යුෂ

තක්කාලි යුෂ තේ හැන්දකට ලෙමන් යුෂ තේ හැඳි භාගයක් එකතු කර එම මිශ්‍රණය අඳුරු පැහැ ප්‍රදේශයේ ආලේප කර විනාඩි 10ක් පමණ තබා සෝදාහරින්න.

05. ටී බෑග් (tea bag)

ටී බෑග් දෙකක් ගෙන විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබා අනතුරුව ඇස් වටා විනාඩි 10-15ක් පමණ තබාගෙන සිටින්න. පසුව සෝදාහරින්න.

මෙම ප්‍රතිකාර වලින් ඔබට පහසු ප්‍රතිකාරයක් දිනපතා සිදුකර ඇස් වටා අඳුරු පැහැය අඩු කරගන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment