.

ලිංගික ශක්තිය අඩු අය හොයා ගන්න ක්‍රමේ මෙන්න දන්නේ නැත්තම් අදම දැනගන්න

Loading...

ලිංගික ශක්තිය අඩු අය හොයා ගන්න ක්‍රමේ මෙන්න දන්නේ නැත්තම් අදම දැනගන්න.

පිරිමියකුගේ පෞරුෂයට වඩාත් වැදගත් සාධකයක් වනුයේ ඔහුගේ ලිංගික සක්‍රීයතාවයයි. එය දුර්වල නම් ඔහුගේ පෞරුෂයට යම් බලපෑමක් ඇතිවේ. බොහෝ පිරිමින් මානසික පීඩාවට පත් වන්නේ ද ඇතැම්විට පවුල් ජීවිත තුළ අර්බුද හට ගන්නේද මෙම ලිංගික සක්‍රීයතාව පිළිබඳ ගැටලූ මතුවූ විටදීය.

පුරුෂ ශක්තිය සහිත පිරිමියා

ආයුර්වේදයේ ශ=ක්‍රාණු හඳුන්වනු ලබන්නේ පිරිමියකුගේ පෞරුෂය විදහා දක්වන එක් ලක්ෂණයක් ලෙසය. සක්‍රීය ශ=ක්‍රාණු සහිත පිරිමියකු තුළ ආකර්ෂණීය පෙනුමක් ඇත. නිල්වන් දීප්තිමත් ඇස්වලින් යුක්තය. සම දීප්තිමත්ය. ශරීරයේ රෝම කූප බහුලය. කාන්තාවන් ආකර්ෂණය කරගත හැකි පෙනුමකින් යුක්තය.

පුරුෂ ශක්තිය දුර්වල පිරිමියා

සාරවත් ශ=ක්‍රාණු නිපදවීමේ හැකියාව නොමැති පිරිමින් නිතරම මලානික බවින් යුක්තය. ඔවුන්ගේ ඇස් දුර්වර්ණය. අලසය. විවිධ රෝගාබාධවලින් පීඩාවිඳී.

පුරුෂ ශක්තිය දුර්වල වීමට බලපාන සාධක

වර්තමානයේ බොහෝ පිරිමින් අධික කාර්යබහුල ජීවිතයක් ගත කරති. එනිසා ඔවුන්ගේ චර්යා රටාවේ මතුවන වෙනස්කම්, ආහාරපාන ගනු ලබන ආකාරය, රැකියාවේ ස්වභාවය අනුව පුරුෂ ශක්තිය දුර්වලවීමට අදාළ හේතු සාධක නිර්මාණය වේ. ඒ අනුව පිරිමි පුද්ගලයකුගේ පුරුෂ ශක්තිය දුර්වලවීමට බලපාන ප්‍රධාන කරුණු දෙකක් නිර්මාණය වේ. එනම් කායික දුර්වලතාව නිසා මතුවන පුරුෂ ශක්තිය හීනවීම සහ ශ=ක්‍රාණුවල පවතින ඌණතාව.

කායික දුර්වලතා නිසා මතුවන පුරුෂ ශක්තිය හීනවීම

බොහෝවිට මෙම තත්ත්වය මතුවන්නේ දැඩි මානසික පීඩාවකින් සිටින විට කාලයක් තිස්සේ පවතින අපස්මාරය, ක්ෂය රෝගය, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධික බව සඳහා සහ මානසික රෝග සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ඖෂධ ගැනීම නිසා ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත්වීමේ ගැටලූ මතුවේ. එය ද්වජබග්නය ලෙස හඳුන්වයි. මෙහිදී නිසි ලෙස ශ=ක්‍රාණු පිටවීමට බාධා මතුවීම නිසා පුරුෂ ශක්තිය දුර්වල වේ.

ශ=ක්‍රාණුවල පවතින ඌණතා

සෑම පිරිමියකුගේ සිරුරින් ශ=ක්‍රාණු නිෂ්පාදනය වේ. නමුත් ඇතැම් පුද්ගලයන්ගේ සිරුරින් නිපදවෙන ශ=ක්‍රාණුවල සක්‍රීය බව දුර්වලය. ඒ සඳහා බොහෝවිට බලපාන්නේ ඔවුන් නිරතවන වෘත්තීන්ය. විශේෂයෙන්ම බර ලෝහ ආශ්‍රිත රැකියාවල නිරතවීම, වෑද්දුම් ශිල්පයෙහි රැකියාවන්හි නිරතවීම, වෘෂණ කෝෂවලට අධික උෂ්ණත්වයක් ඇති කරවන ආකාරයේ රැකියාවන්හි නිරතවීම නිසා නිසි පෝෂණයෙන් යුතු ශ=ක්‍රාණු නිපදවීමට බාධා ඇතිවේ. විශේෂයෙන්ම සූපවේදීන්, බේකරි ආශ්‍රිත රැකියාවල නිරතවන පුද්ගලයන්, එක්ස් කිරණ ආශ්‍රිත රැකියාවල නිරතවන්නන් සහ පරිගණක ආශ්‍රිත රැකියාවල දීර්ඝ කාලයක් නිරත වන විට ද සක්‍රීය ශ=ක්‍රාණු නිපදවීමට බාධා මතුවේ.

මෙම කරුණුවලට අමතරව නිතර නිතර සාන්ද්‍රණයෙන් අධික මත්පැන් පානය, තද යට ඇඳුම් ඇඳීම, නහර ගැට ගැසීමේ රෝගයට ලක්වීම, වෛරස් රෝග සහ වෘෂණ කෝෂවලට ද ඉතා දැඩිව බලපාන පරිදි කම්මුල්ගාය රෝගය මතුවූ විට ද සක්‍රීය ශ=ක්‍රාණු නිපදවීමේ බාධා ඇතිවේ.

පුරුෂ ශක්තිය වර්ධනය කිරීම

පුරුෂ ශක්තිය වර්ධනය කිරීම හෙවත් ශක්‍රාණු සක්‍රීය කිරීම සහ ඒවා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අයුර්වේදයේ ඖෂධ සහ ප්‍රතිකාර පවතී. එය අදාළ රෝග තත්ත්වයට අනුව ප්‍රතිකාර කළ යුතුය.

සාමාන්‍යයෙන් පිරිමියකුගේ ශ=ක්‍රාණු ගුණාත්මක බවින් වැඩි වන්නේ වයස අවුරුදු 21 පමණ වූ විටදීය. එබැවින් වයස අනුව මතුව ඇති රෝග තත්ත්වයන් සලකා බලා ප්‍රතිකාර කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

ශ=ක්‍රාණු ශක්තිය දුර්වල පුද්ගලයන් නිතර සිය ආහාරවේල් සඳහා සව්, ගොටුකොළ, පලාවර්ග, වැල්පෙනෙල, රටඉදි, වියළි මිදි, කජු, උදු, මුංඇට, උළුදු ආශ්‍රිත ආහාර පාන ගැනීම, කුරුලූ මස්වලින් සාදාගත් සුප් වර්ග පානය කළ යුතුය.

ශුක්‍රාණු ශක්තිය දුර්වල පුද්ගලයන් දරුඵල බලාපොරොත්තුවීමේදී නිසි ප්‍රතිකාර ලබාගන්නා අතර සිය බිරිඳ සමග දිනකට එක්වරක් පමණක් කායිකව එක්වීම, එයත් දින දෙකකට වරක් පැවැත්වීම සහ උදෑසන කාලයේ එම සම්බන්ධතා පැවැත්වීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

විශේෂයෙන්ම මෙහිදී මානසික සතුට ඉතා උසස් මට්ටමින් පවත්වා ගැනීමට උනන්දු විය යුතුය.

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment