.

කවුද දන්නේ අබ වල මේ රහස..කියවලා බලන්න අපි නොදන්නා ඖෂධීය ගුණ ගොඩක් අබ වල තියෙනවා.

Loading...

කවුද දන්නේ අබ වල මේ රහස..කියවලා බලන්න අපි නොදන්නා ඖෂධීය ගුණ ගොඩක් අබ වල තියෙනවා. 

කුළුබඩුවලටද මුළුතැන්ගෙයි ඇත්තේ සුවිශේෂ ස්ථානයකි. අබ, ගම්මිරිස්, එනසාල්, කුරුඳු , කරාබු වැනි කුළුබඩු මිනිස් සිරුර නිරෝගී කරන මෙන් ම ආහාරවල රසයන් , ගුණයන් වැඩිකරන බව නොරහසකි. ඒවා තුළින් සිරුරට ලැබෙන්නේ විවිධාකාර ගුණයන්ය. විටෙක ඖෂධ ලෙස ද විටෙක රසකාරක ලෙස ද මිනිසාට සමීප හිතවතෙකු ලෙස ක්‍රියා කරයි. මුළුතැන්ගෙයි හිතවතුන්ට අද සිට මේ තීරය වෙන් වේ.

ව්‍යංජන රසවත් කිරීමට හා අච්චාරු සඳහා අබ කුළු බඩුවක් ලෙස භාවිතා වේ. මුළුතැන්ගෙයි ආහාර පිසීමේදී පරිප්පු, කඩල ආදියට අබ තෙම්පරාදුව ආහාරය රසවත් කෙරේ. අඹ , ඇඹරැල්ලා, ව්‍යංජන සඳහා ද අබ යොදා ගනී. පිපිඤ්ඤා ව්‍යංජනය සෑදීමේදී අබ අඹරා දැමීමෙන් කෑම රසය වැඩි කර ගැනීමට පුළුවන.

තරබාරු අයට අබ තෙලින් පිසූ ආහාර ගුණ දායක වේ. අබ තෙල් අත්පාවල ගැල්වීමෙන් ඛණ්ඩරා ශක්තිමත් වන අතර සමේ මෘදුතාව ඇති වී අලංකාර පෙනුමක් ලබා දේ. අබ කොළ ආහාරයක් වශයෙන් ගැනේ. එහි ඇට හා තෙල් ප්‍රලේප වශයෙන් යොදනු ලබයි. අබ කුඩු රන්වන් පාට වනතුරු බැද ව්‍යංජන මතට ඉසීමෙන්, ආහාර, මැස්සන් වැසීමෙන් වළක්වා ගත හැකිය.

ගෘහනියගේ අත්‍යවශ්‍ය කුළුබඩු අතර අබ ප්‍රධාන තැනක් ගැනුණද කලවම් මැල්ලුම් සකස් කිරීමේදී අබ කොළ යොදා ගන්නා බව ගෘහනියන් අතර ප්‍රචලිතය. යාපනයේ අබ තෙල් බෙහෙත් ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිතා කරන අතර පොල් තෙල් වල මුඩු ගතිය නැසීමට වතුර හා අබ දමා රන්වන් පැහැවන තුරු බැද ගනු ලැබේ.

අබකොළ සමේ රෝග සුව කිරීමේ ඔසු ගුණ ඇති ආහාරයක් ලෙස ප්‍රකටය. එසේම අබවල ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, පොස්පරස්, යකඩ, කැරටීන් , නියැසීන් හා විටමින් ද රයිබෝප්ලේවින් ද සෑහෙන ප්‍රමාණයක් අන්තර්ගතය. මව්කිරි වර්ධන ඔසුවක් වශයෙන් ද ඉන්දියානු කාන්තාවෝ බහුලව ප්‍රයෝජනයට ගනී. ආයුර්වේදයට අනුව වා, සෙම් සමන ගුණ ඇති ඔසුවකි. රුධිරය වර්ධන ඖෂධයක් වශයෙන් ද පිළිගැනෙන අබ යොදා සාදාගන්නා පොල් සම්බෝලය ඉතා ප්‍රයෝජනවත් වන්නේ ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි සෙම් නිසා ඇති වන රෝගාබාධවලදී ය. එහිදී අබ එක්කර ගැනීමෙන් ආහාර රුචිය ද වර්ධනය කෙරේ. පොල් පුළුස්සා, ඊට අබ එක්කර සදන මේ පොල් සම්බෝලය කෑමෙන් පුදුමාකාර ගුණයක් ලැබෙනු ඇත.

අබ රසයෙන් කටුකය. ආහාර රුචිය ඇති කරන සහ දීපන ගුණය වර්ධනය කරන අබ ශරීරගත වී කෙටි වේලාවකදී එහි උෂ්ණ ගුණය ශරීරය පුරා පැතිරී යන බැවින් සිරුරේ සෙම් පීඩා හා වාත වේදනා ක්ෂණිකව තුරන් කිරීමට සමත් වෙයි.

කෙසේ වෙතත්, අම්ල ගතිය අධික අම්ල පිත්ත රෝගාබාධ වලදී ආමාශගත රෝගවලදී හා බඩේ දැවිල්ල හා වකුගඩු ආබාධවලදී අබ මිශ්‍ර කෑම එතරම් සුදුසු නැති බව මතක තබාගත යුතුයි.

ස්වර්ණා ආරියවංශ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment