.

සිතට වද දෙන සුදු කබර රෝගය ගැන නොදන්නා මේ විශ්මිත ආයුර්වේද රහස් ටික අදවත් දැනගන්න.

Loading...

සිතට වද දෙන සුදු කබර රෝගය ගැන නොදන්නා මේ විශ්මිත ආයුර්වේද රහස් ටික අදවත් දැනගන්න.

සම යනු දේහයේ බාහිර ආවරණයක් ලෙස ක්‍රියාකරමින් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් බාහිර පරිසරයෙන් ආරක්ෂා කරනු ලබන ආරක්ෂකයෙකි. අප සෑම දෙනාටම අපගේ රූපය ඉතා සුවිශේෂීය. රූපයට බලපාන ප්‍රධානම සාධකය නීරෝගී සමය. චර්ම රෝගයකට ගොදුරු වීම යනු අපේ සිත සසල කරවන තත්ත්වයකි. බොහෝ විට හැදුනොත් හැදුනමයි යන මතයේ සිටින චර්ම රෝගයක් ලෙස සුදු කබර නැතහොත් ශ්විත්‍ර රෝගය හැඳින්විය හැකිය. මෙම රෝගයෙන් කිසිඳු වේදනාවක් හෝ දෛනික වැඩ වලට බාධාවක් හෝ ඇති නොවන නමුදු එය රෝගයට ගොදුරු වන පුද්ගලයා මානසික වශයෙන් ඇද වැටීමට හේතුවේ. සමෙහි පවත්නා පැහැය සම්පූර්ණයෙන් වෙනස් වන නිසාවෙන් එය පුද්ගල පෞරුෂත්වයට ද බලපායී.

ශ්විත්‍ර හෙවත් සුදු කබර රෝගයට හේතු සාධකද විවිධාකාරය
ආයුර්වේදයෙහි ශ්විත්‍ර හෙවත් සුදු කබර රෝගය කුෂ්ඨ රෝග යටතේ දක්වා ඇත. විරුද්ධ භෝජනය, නිදිවැරීම, අසාත්ම්‍ය දෑ සේවනය ,මල මුත්‍රා ආදීන්ගේ වේග දරා සිටීම , පෙර ජාතියේ කළ දුෂ්ඨක්‍රියා නිසා ,ත්වත් දෝෂය වැනි හේතු නිසා කුෂ්ඨ රෝග උපදනේ යැයි දක්වා තිබේ. සත්ව දෂ්ඨ එනම් මීයන්, බළලුන් හෝ සර්පයින් සපා කෑම නිසා ශ්විත්‍ර හෙවත් සුදු කබර රෝගය වැළදෙන බවද දක්වා තිබේ. විශේෂයෙන්ම මූෂික හෙවත් මීයන්ගේ විෂ බෙහෙවින්ම බලපාන කාරණාවක් ලෙස දැක්විය හැකිය. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ ක්‍රියාකාරී වන මීයාගේ පිරිමි සතා ආවේගශිලී වන්නේ සංසර්ගයෙන් පසුවය. එවැනි අවස්ථාවක සපා කෑමකට ලක් වුවහොත් මීයාගේ ඛේටයෙහි තැවරී තිබෙන මී ශුක්‍රාණු මිනිස් රුධිර සංසරණ පද්ධතියට එක් වීම නිසා මෙම රෝග තත්ත්වය ඇතිවේ. එසේම මීයන් විසින් සපා කන ලද ආහාර විශේෂයෙන් පළතුරු අනුභවය හා මී උණ රෝගය වැළඳුන පසුවද සුදු කබර රෝගයට ගොදුරු විය හැකිය.පුද්ගයන්ගේ ජානමය බලපෑමක් ද තිබෙන බැවින් මෙය පරම්පරාගතවද වැළඳෙන රෝගී තත්ත්වයක් ලෙසද දැක්විය හැකිය.

ආයුර්වේදයට අනුව ශරීරයේ නීරෝගීතාවය රඳා පවතින්නේ වා.පිත්.සෙම්. යන ජීව සාධක වල මනා සමබරතාවය අනුවය. මෙම සමබරතාවය බිදී යෑමෙන් ශාරීරික සෞඛ්‍ය තත්ත්වයද බිඳ වැටේ. සුදු කබර රෝගයද මෙලෙස සමබරතාවය බිදී යෑමේ එක් ප්‍රතිථලයකි. ඒ අනුව එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබරද ප්‍රභේද තුනකට බෙදා ඇත. ඒ කවර ප්‍රභේදයක් වුවද ආයූර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. එසේ වුවද රෝගය පැතිරී ඇති ආකාරය අනුව සුව වීමේ කාලය වෙනස් විය හැක. ප්‍රථම සුදු පැහැ ලපය ඇති වනවාත් සමඟම සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ආරම්භ කළේ නම් සතියක පමණ කාලයකින් රෝගය සුව කරගත හැකිය. එහෙත් රෝගයේ පැතිරීම වැඩි වුවහොත් එය සුව වීමට ගන්නා කාලයද වැඩි විය හැක.

සුදු කබර රෝගයට ගොදුරු වූ විට සිදු වන්නේ කුමක්ද?
අපගේ සමෙහි වර්ණය ලබාදෙන මෙලනින් වර්ණකය නිපදවන සෛල සමේ පිහිටා ඇත. සුදු කබර රෝගීන්ගේ ශරීරයේ එම සෛලයන්ට විරුද්ධව ප්‍රතිදේහයක් නිපදවීමක් සිදු වෙයි. එම ප්‍රතිදේහ මඟින් වර්ණක නිපදවන මෙලනින් සෛල විනාශ කරන නිසා සම සුදු පැහැයට ලක්වේ. මෙම සුදු ලප බොහෝ විට ශරීරයේ සමමිතිකව දක්නට ලැබෙන අතර තොල්, මුහුණ හා ඇඟිලි තුඩුද මෙම රෝගයට මුලින්ම ගොදුරු වෙයි. පසුව ශරීරයේ අනෙක් ප්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. හිසේ සම මෙම රෝගයට ලක්වූ විට එම ප්‍රදේශයේ හිස කෙස් ද සුදු පැහැයට ලක් වෙයි. දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මඟින් ඈත අතීතයේ සිටම මෙම රෝගය සාර්ථකව මැඩ පවත්වා නිට්ඨාවට සුවපත් ඇත.

ප්‍රතිකාර මොනවාද?
මෙම රෝගය සඳහා සම මත ආලේප කරන පත්තු, ඖෂධීය තෙල් මෙන්ම ශරීරය තුලට ලබාදෙන ගුලි, කල්ක සහ කුඩු ලෙස ආයුර්වේද ප්‍රතිකාර විවිධ වේ. මේවා සියල්ලෙන්ම ශරීරයේ නැතිවී ගිය අසමතුලිතතාවය යලි ඇති කර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවා ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙයි. ආයුර්වේද ප්‍රතිකාර වලට ආවේණික අයුරින් මෙම ඖෂධ වලින් අහිතකර ප්‍රතිළුල කිසිවක් ඇතිවන්නේ නැත.

රෝගය සුව කරගන්නට ඔබ ගන්නා ආහාරද වැදගත්ය
රෝගියා අනුභව කරන ආහාර පානද ප්‍රතිකාර කෙරෙහි අතිශයෙන්ම වැදගත්ය. කතුරුමුරුංගා, මුකුණුවැන්න වැනි පලා වර්ගද දිවුල් වැනි පළතුරුද කරපිංචා යුෂ සමඟ තණ හාල් කැඳද ඉක්මන් සුවය සඳහා මහත්සේ දායක වේ. එලෙසම සියලුම ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පළතුරු හා අච්චාරු වර්ග මේ සඳහා ප්‍රතිකාර කෙරෙහි අහිතකරව බලපායි. ශ්‍රී ලාංකික අපගේ සම දුඹුරු පැහැයක් ගන්නා නිසා සමේ පිළිකා ඇතිවීමේ අවදානම අඩුය. සුදු ජාතිකයන්ගේ සම අව් රශ්මියට නිරාවරණය වන විට සම රතුවීම හා පිලිස්සීම් ඇතිවෙයි. ඔවුන් ඉතා ඉක්මණින් චර්ම රෝග වලට ගොදුරු වීමේ අවදානම වැඩිය. සුදු කබර සහිත සමේද තැනින් තැන මෙවැනි සුදු පැහැති බවක් දක්නට ඇති නිසා ඒවා හිරු එළියෙන් ආවරණය කර ගැනීම වඩාත් සුදුසුයි. එමෙන්ම මෙම රෝගය සුව කිරීමද හිරු එළිය ලබාදෙන අවස්ථා ඇත. සුදු කබර බෝවේ යැයි අනියත බියක් ඇතැමුන් අතර පවතින නිසා රෝගයට ගොදුරු වූවන් සමාජයේ කොන් වීමටද ලක් වෙයි. මොවුන් පාවිච්චි කරන පිඟන්, කෝප්ප, කොට්ට ආදි භාණ්ඩ අන් අය භාවිත කිරීමෙන් සුදු කබර බෝ නොවන බව සිහිතබා ගත යුතු කාරණයකි. මෙම රෝගයට ගොදුරු වුවන් කොන් නොකිරීම ඔබේ යුතුකමකි. සුදු කබර රෝගය ඇතිවීමේ වැඩි අවදානමක් ඇත්තේ කාන්තාවන්ටය. පිරිමි අයට මෙම රෝගයේ අවදානම අඩුය. රෝගය පැතිර යාමට ප්‍රථම ඒ සඳහා ප්‍රතිකාර වෙත යොමු වීම ඉතාමත් වැදගත්ය. එවිට ඔබට මෙන්ම වෛද්‍යවරයාටද පහසුය. කෙසේ වුවවද අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ මනා ආයුර්වේද ප්‍රතිකාර හා සුදුසු ආහාර වේලක් ලබා ගන්නේ නම් මෙම සිතට මහත් වදයක් වූ සුදු කබර රෝගය ඉතා කඩිනමින් සුව කර ගත හැකි බවය.

දියතලාව ආයුර්වේද මහ රෝහලේ ආයුර්වේද වෛද්‍ය W.M.S.M ශිරෝමි විජේසිංහ මහත්මිය සමඟ කල සාකච්ඡාවක් ඇසුරිණි.

සටහන: දිශාන්ති වෙදගේ

Image courtesy of – http://www.epainassist.com


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment