.

හන්දිපත් වේදනා නැති කරගන්න පැපොල් කන්න.ගොඩක් දෙනෙක් නොදන්නා පැපොල් වල අරුම පුදුම ඖෂධීය රහස් මෙන්න.

Loading...

හන්දිපත් වේදනා නැති කරගන්න පැපොල් කන්න.ගොඩක් දෙනෙක් නොදන්නා පැපොල් වල අරුම පුදුම ඖෂධීය රහස් මෙන්න.

අඩු ලංසුවකින් සැළකිල්ලට ලක් වුණත් මෙහි ඇති ගුණය අසමසමයි. ශරීර සෞඛ්‍යය ගැන උනන්දු වන කොයි කවුරුත් වැඩි වැඩියෙන් නැවුම් එළවළු වගේම පළතුරුත් ආහාර වේලට එක් කරගත යුතුයි’ එය තමයි මේ කාලයේ වෛද්‍යවරුන්ගේ මුවෙහි දිව මතුරක් සේ කියැවෙන උපදේශය…

පලතුරු සම්බන්ධයෙන් විමසන විට අපේ රටේ කොයි ප්‍රදේශයේත් පහසුවෙන් සොයාගන්න තිබෙන” මිලෙනුත් අඩු පලතුරක් තමයි පැපොල්’ පැපොල් ගසක් හදාගන්න බැරි පළාත් මේ දිවයිනේ තිබෙනවා නම්” තියෙන්නෙ බොහෝම ටිකයි’ එයත් පැපොල් මේසා සුලබ වෙන්න හේතුවක්.

උදේ හවස දකින කුකුලගෙ කරමලත් සුදුයි කියනවනේ… පැපොල් ගෙඩිය ගැනත් අපේ හෙළයන් තුළම එතරම් පිළිගැනීමක් නෑ”’ එහි තිබෙන පෝෂණීය ගුණය වගේම ඖෂධීය ගුණය හරියාකාරයෙන් දැනගත්තොත් ඔබ මවිතයට පත් වේවි පැපොල් මේ තරම් ගුණසම්පන්න ප්‍රබල පළතුරක්ද කියල…

පැපොල් වල පෝෂණීය ගුණාංග සැකෙවින්..
පැපොල් ඉතා පෝෂණීය පළතුරක්… අපේ ශරීරයට අවශ්‍ය පෝෂක රැසක් එක් පළතුරකින් සපුරාගන්න ගන්නා උත්සාහයකදී ඔබේ හොඳම තේරීමක් තමයි පැපොල්’ එහි ඒ තරම්ම ගුණවත් පෝෂක.. ක්ෂුද්‍ර පෝෂක තිබෙනවා.

අද කාලෙ ආහාරයක් ගත්තම එහි තියෙන සාධණීය ගුණාංග පෙළ ගැසුවොත් ප්‍රතිඔක්සිකාරක ගුණාංගය අංක එකට දක්වන්න පුළුවන්. ප්‍රතිඔක්සිකාරක ගුණාංගය කියන්නෙ ගුණවත් ආහාරයකට තිබිය යුතුම දෙයක්’ ශරීරයේ ප්‍රතිශක්තිය රැකගනිමින් රෝග උපද්‍රව වලින් අපව බේරාගන්නට.. සෛලීය මට්ටමෙන් ඇතිවිය හැකි උපද්‍රවකාරී  වෙනස්කම් වලින් අපව ආරක්ෂා කරගන්නට වගේම ශරීරය පැහැපත් කරන්න.. ලස්සණට තබාගන්නත් ප්‍රතිඔක්සිකාරක උපකාරී වෙනවා’ තක්කාලි වල.. දොඩම් වල කැරට් වල ප්‍රබලව තියෙන මේ ප්‍රතිඔක්සිකාරක ගුණාංගය පැපොල් වලත් නොඅඩුවම තිබෙනවා. විටමින් බී (ෆෝලේට් හා පැන්ටොතෙනික් අම්ලය).. තඹ.. මැග්නීසියම් හා පොටෑසියම් කියන ඛණිජ ලවණ තන්තු ආදියෙනුත් පැපොල් පොහොසත්’ ඒ හැරුණු විට පැපොල් වල පැපේන් කියන ඉතාම බලගතු ජීර්ණක එන්සයිමයක් තිබෙනවා. මේ සියල්ලම නිසා පැපොල් කියන්නෙ අනුභවයෙන් විශාල රැකවරණයක් සැලසෙන වටිනා පළතුරක්.

අප මීළඟට පැපොල් අනුභවයෙන් ශරීරයට ලැබෙන ආරක්ෂාව ගැන මඳක් විමසා බලමු.

පැපොල් අනුභවයෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙනවා
පැපොල් වල ප්‍රතිඔක්සිකාර.. තන්තුමය පදාර්ථ සහ විටමින් සී තිබෙන නිසා එයට හදවත ආරක්ෂා කිරීමේ සුවිශේෂී ගුණාංගයක් උරුම වෙයි. වෙසෙසින්ම රුධිර නාල වල තැන්පත් වන කොලෙස්ටරෝල් දිය කර හැරීමට පැපොල් වලට අනගි වූ හැකියාවක් ඇත. මේ රුධිර නාල අවහිර වීමෙන් හෘදයාබාධ ඇතිවීමට මග පෑදෙන නිසා මෙවන් වූ ආරක්ෂාකාරී යාන්ත්‍රණයක් සහිත පැපොල් අනුභවයෙන් හෘද රෝග දුරැස් කර දීර්ඝායුෂ විඳීමට අවස්ථාවක් ලැබේ.

ශරීරයේ බර අඩු කරන පැපොල්
මධ්‍යම ප්‍රමාණයේ පැපොල් ගෙඩියක ඇති ශක්තිය කැලරි 120 ක් පමණ වේ. ඔබ ශරීරයේ බර අඩු කරගනිමින් ශරීරය නිරෝගී කරගැනීමට උත්සාහවන්ත කෙනෙක් නම් ඔබේ අහරවටට නිතරම පැපොල් එක් කරගැනීමට උත්සුක වන්න. පැපොල් වල ආහාරමය තන්තු සුලබව තිබෙන නිසා කුස පිරුණූ ගතියක්.. ආහාරයට ඇති ලොල් බව අඩු කිරීමක් නිතැනින්ම සිදුවන නිසා එයද ශරීරයේ බර අඩු කරගැනීමට අනියමින් උපකාරී වන්නේය.

පැපොල් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය තිර කරයි
විටමින් සී හා වෙනත් අත්‍යවශ්‍ය පෝෂක රැසක් තිබෙන නිසා එය ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට උපකාරී වන්නේය. මේ නිසා දිනපතා පැපොල් කන අය ලෙඩ රෝග වලට පාත්‍ර වන්නේ අඩු වශයෙනි.

පැපොල් දියවැඩියා රෝගීන්ට ගුණවත් පලතුරකි
පැපොල් අනුභවයේදී එයින් ප්‍රසන්න පැණිරසයක් දැනේ. නමුත් මෙහි ඇති පුදුමය නම් එයාකාර ප්‍රණීත පැණි රසයක් කටට දැණුනත් එය රුධිරගත සීනි වැඩි කිරීමට දිරි නොදීමයි.  පැපොල්  පෙති කපා යුෂ කෝප්පයක් පිළියෙල කළොත් එහි ඇති සීනි ප්‍රමාණය ග්රෑම් 8’3ට වැඩි නොවේ. එසේම පැපොල්  වල ඇත්තේ අඩු ග්ලයිසිමික් අගයකි. මේ නිසා දියවැඩියා රෝගීන්ට කෑමට සුදුසු අනගි පළතුරක් ලෙස පැපොල්  සැළකිය හැක්කේය. එසේම දියවැඩියා රෝගය නැති උදවියට එය ඇති වීමෙන් ආරක්ෂා වීමටද පැපොල්  හොඳ පළතුරකි.

නෙතු පෙණුම සුසර කරන පැපොල්
විටමින් ඒ හැරුණු විට පැපොල්  වල ෆ්ලැවොනයිඩ කාණ්ඩයට අයත් පෝෂක රැසක්ම පවතී. බීට කැරොටින.. සෙඇක්සන්තින.. සයිටොසැන්තින හා ලුටින යන ෆ්ලැවොනයිඩ ඒ අතර වේ. මේවා ඇසේ යහ ක්‍රියාකාරිත්වයට ඉවහල් වන පාරගම්‍ය පටල සෞඛ්‍යසම්පන්න කිරීමට ඉමහත් දායකත්වයක් දක්වයි. ඇසට සිදුවිය හැකි ආපදාවක් වේ නම් එය මේ හේතුව නිසා මඟ හැරෙයි. පැපොල් වල ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඒවායේ ඇති ෆ්ලැවොනයිඩ තක්කාලිවලටත් වඩා.. කැරට් වලටත් වඩා පහසුවෙන් ශරීරය කෙරෙහී ක්‍රියාත්මක වීමයි. Bio available  age-related macular degeneration නමැති රෝගයෙන් ආරක්ෂා වීමට විටමින් ඒ උපකාරී වෙයි.

හන්දිපත් වේදනා මැඩලන පැපොල්

ආතරයිටිස් යනු මහත් හිරිහැරයක් ඇති කරවන රෝගයකි. ඇතැම් විට එය ඇති තැනැත්තා මහත් වූ වේදනාවන් පරිභව කරයි. මේ අය රෝගයෙන් සුවය ලැබීමට ඉමහත් කැප කිරීම් කරති. Annals of the Rheumatic Diseases දක්වන අන්දමට ආතරයිටිස් රෝගය දුරස් කරගැනීමට විටමින් සී වටිනා මෙහෙයක් සිදු කරන අතර විටමින් සී අඩුවෙන් අනුභව කරන උදවිය එසේ කරන උදවියට වඩා මේ රෝගයට නතු වීමේ සම්භාවිතාවය තෙගුණයකින් වැඩිය. ආතරයිටිස් රෝගීන්ට විටමින් සී සාධකය එතරම් වැදගත් කමක් දරන්නේය. පැපොල් වල විටමින් සී බහුලව තිබෙන අතර ආතරයිටිස් රෝගීන් පැපොල් අනුභවයෙන් යම් රැකවරණයක් ලබන බව ප්‍රත්‍යක්ෂ කාරණයකි.

ජීර්ණක ක්‍රියාවලිය ඉතා යහපත් කරයි

පැපොල්  වල ජීර්ණක ක්‍රියාවලිය සුමට කරන පැපේන් මෙන්ම තන්තුමය පදාර්ථද රාශියක්ම අඩංගුය. මේ නිසා ආහාර ජීර්ණයට මහත් වූ උපකාරයක් සුදු වෙයි.

කාන්තාවන්ගේ ඔසප් වේදනා සමනය කරයි
පීඩාකාරී මාසික ආර්තවයෙන් පෙළෙන කාන්තාවන්ට පැපොල් නිසැක සහනය ගෙන දෙයි. පැපොල්  වල ඇති පැපේන් මේ සඳහා හේතු වන බව පර්යේෂණාත්මකව හඳුනාගෙන තිබේ.

වයස්ගත වීම වළක්වන පැපොල්

අප කවුරුත් වයස්ගත නොව තරුණ පෙණුමක් සහිතව ඉන්නට කැමතිය. රූපාලංකරණ ක්ෂේත්‍රයෙහි පැපොල්  වලට කවදත් හොඳ ඉල්ලුමක් ඇත්තේ එහි ඇති වියපත්වීම වළක්වන වන ගුණාංග හේතුවෙනි. පැපොල් වල ඇති විටමින් සී.. විටමින් ඊ.. ප්‍රතිඔක්සිකාරක මෙන්ම බීටා කැරොටින ආදිය මේ හපන්කමට දායකත්වයක් සපයයි.

හිසකෙස් පැහැපත් කරන.. නීරෝගී කරන පැපොල්
පැපොල් කේශ කළ්‍යාණයට මහත් වූ මෙහෙයක් සිදු කරයි. හිසකෙස් වලට සුමුදු වයනයක් ලබාදීම.. දීප්තිමත් බවක් හා තෙතමනයක් ලබාදීමට එය හේතු වෙයි. පැපොල්  වල ඇති හිස්හොරි වලින් පීඩා විඳින අයට අත්දුටු බෙහෙතක් තිබේ. පැපොල්  යුෂය හොඳින් හිස් කබලෙහි ආලේප කිරීමෙන් හිස්හොරි සම්පූර්ණයෙන්ම මර්ධනය කළ හැක.

පිළිකා ඇතිවීම වළක්වන පැපොල්
ප්‍රතිඔක්සිකාරක.. පයිටොරසායන හා ෆ්ලැවොනයිඩ වලින් අතිශයින් පොහොසත් නිසා සෛලීය මට්ටමෙන් ඇතිවිය හැකි මුක්ත ඛණ්ඩකමය හානිය වළක්වාලයි. මේ අනූව පැපොල්  නිතර ගැනීමෙන් පිළිකා වලට එරෙහිව රැකවරණයක් සැපයෙයි.

හාවඞ් වෛද්‍ය විද්‍යාලය මගින් සිදු කරන ලද පර්යේෂණයකට අනූව පැපොල්  වල ඇති බීටා කැරොටින මගින් පුරස්ථිති පිළිකා සහ ආන්ත්‍රික පිළිකා මර්ධනය වන බව හෙළිදරව් වී තිබේ.

ආතතිය මැඩලන්නත් පැපොල්  අගෙයි
වෙහෙසකර රාජකාරි සපිරි දිනෙක නිමාවේ නිවෙසේදී පැපොල්  කැබැල්ලක් අනුභව කිරීමෙන් ඔබත් නොදැනීම ඔබේ මනෝභාව වල විසල් වෙනසක් සිදු වනු ඇත. පැපොල්  අනගි තැවුල් සමනකයක් වශයෙන් සැළකේ. ඇලබාමා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයකන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද පර්යේෂණයකට අනූව විටමින් සී  මගින් ආතතිය අඩු කිරීමට කදිම පිටුවහලක් ලැබේ. පැපොල්  විටමින් සී  වලින් සපිරි පළතුරකි.

කුණූ කූඩයට නම් දාන්න එපා… උනන්දුවෙන් අනුභව කර සෞඛ්‍යයේ ප්‍රතිලාභය අත් විඳින්න
මේ ආකාරයෙන් පැපොල් පෝෂණීය වශයෙන් ඉමහත් වැදගත්කමක් දරණ අතර වඩාත් වැදගත් වන්නේ පුරුද්දක් වශයෙන් දිනපතා පැපොල්  අනුභව කරන අය රෝග රැසකින් ආරක්ෂා වී ජීවිතයේ අනගි සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමයි. ඔබත් මෙතෙක් ඔබේ නෙතු මානයේ අනුභවයට නොගෙන කුණු කූඩයට දමන්නට සිදු වූවා නම් ඒ අපරාධය නැවත්ත සිදු වන්නට නොදී වැඩි වැඩියෙන් පැපොල්  අනුභවයට හුරු වන්න. එය ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් ඔබම සිදු කරගන්නා කදිම ආයෝජනයකි.

♦ පැපොල් වල පැපේන් කියන ඉතාම බලගතු ජීර්ණක එන්සයිමයක් තිබෙනවා.
♦ පැපොල් අනුභවයෙන් හෘද රෝග දුරැස් කර දීර්ඝායුෂ විඳීමට අවස්ථාවක් ලැබෙනවා.
♦ දිනපතා පැපොල් කන අය ලෙඩ රෝග වලට පාත්‍ර වන්නේ අඩු වශයෙනි.
♦ ආතරයිටිස් රෝගීන් පැපොල් අනුභවයෙන් යම් රැකවරණයක් ලබන බව ප්‍රත්‍යක්ෂ කාරණයකි.

උදේ හවස දකින කුකුලගෙ කරමලත් සුදුයි කියනවනේ… පැපොල් ගෙඩිය ගැනත් අපේ හෙළයන් තුළම එතරම් පිළිගැනීමක් නෑ… එහි තිබෙන පෝෂණීය ගුණය වගේම ඖෂධීය ගුණය හරියාකාරයෙන් දැනගත්තොත් ඔබ මවිතයට පත් වේවි පැපොල් මේ තරම් ගුණසම්පන්න ප්‍රබල පළතුරක්ද කියල…

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment