.

වාතය, පිත සමනය කර, බඩගින්න නැතිකර, සිරුර පෘෂ්ටිමත් කරන හාතාවාරිය කැඳ වල ඖෂධීය රහස්.

Loading...

වාතය, පිත සමනය කර, බඩගින්න නැතිකර, සිරුර පෘෂ්ටිමත් කරන හාතාවාරිය කැඳ වල ඖෂධීය රහස්.

අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ සිට ඖෂධීය ගුණයෙන් අනූන යැයි සැළකෙන හාතාවාරිය ශාකය Asparagus racemosus wild යන උද්භීද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම හාතාවාරිය ශාකය ලිලියේසේ (liliaceae) කුලයට අයත් වේ.

ඉතා පුළුල් ලෙස උසට වැඩෙන කටු සහිත වැල් වර්ගයක් වන මේවා සාමාන්‍ය ගෙමිදුලක වුවද ඉතා හොඳින් වර්ධනය වේ. ආකාන්දීය මුලක් සහිතය. තරකුරූපී මාංශලමය සෙ. මි. 30 – 100 තරම් දික් වූ සෙ. මි. 1 – 2 තරම් ඝනකම ඇති මුල් රැසක් එම ආකන්දීය මුලෙන් පැන නගී. පත‍්‍ර සිහින්ය. දිගටිය. මල් ක‍්‍රමවත්ය. ද්විලිංගිකය. සුදු පැහැතිය. පොකුරු සේ හටගනියි.

පෙබරවාරි මාසය පමණවන විට මල් හට ගන්නා අතර මුළු පරිසරයම ඒවායින් සුවඳවත් වේ. ලංකාවේ ති‍්‍රකුණාමලය, පුත්තලම, යාපනය මිහින්තලේ ප‍්‍රදේශවල බහුලව දැකිය හැකි අතර ඉන්දියාව, උෂ්ණ කලාපීය අපි‍්‍රකාව ජාවා හා ඕස්ටේ‍්‍රලියාව වැනි රටවලද මෙම ශාකය දක්නට ලැබේ. ලංකාවේ දක්නට ලැබෙන අනෙක් හාතාවාරිය විශේෂ නම් Asparagus falcatus ය. අඩි 4000 ක් දක්වා වූ තෙත් සහ අතර මැදි කලාපයට අයත් පෙදෙස්වල විශේෂයෙන් දක්නට ලැබේ.

හාතාවාරිය කොළවල අඩංගු ඛණිජමය පදාර්ථය පොටෑසියම් වේ. සෝඩියම් කැල්සියම් හා මැග්නීසියම් සාමාන්‍ය ප‍්‍රමාණයන්ගෙන් ද යකඩ සින්ක් හා කොපර් ද ඉතා සුළු ප‍්‍රමාණයන් ගෙන් ද අඩංගුය. කොළ කැඳ සඳහා භාවිතා වන්නේ හාතාවාරිය කොළ හෙයින් මෙම සංයුතීන් වැදගත් වේ.

හාතාවාරිය කඳෙ පිටපොත්ත ප‍්‍රතිබැක්ටීරියාමය හා ප‍්‍රතිදිලීරමය ලක්‍ෂණ පෙන්වන අතර ඒවා ග‍්‍රසනිකාවේ පිළිකාමය සෛල ඇති කිරීමෙහි සමත් බව පරීක්‍ෂණ වාර්තා කරයි.

ආයුර්වේදයේ දක්වන ආකාරයට හාතාවාරිය වාතය, පිත සමනය කරයි. එසේම බඩගින්න නැතිකරන අතර සිරුර පෘෂ්ටිමත් කිරීම සිදු කරයි. ගුල්මය අතීසාරය, වැනි රෝග නිරාවරණය කරන අතර ඇසට හිත කරයි. මෙහි දී වැදගත්ම වන්නේ ඒවා හෘදයට හිත කර වීමයි. මුත‍්‍ර මාර්ගයේ ලේ පිටවීමේ රෝගය සඳහා අමුකහ, හාතාවාරි අල, ගොකටු කිරි කසාය ගුණදායක වේ. රක්තාතීසාරයටත්, අපස්මාරයටත් හාතාවාරිය එළකිරෙන් අඹරා පානය කිරිම ගුණ වේ. අර්ශස්වලට හාතාවාරිය මෝරු වලින් අඹරා පානය කිරීම ද ගුණයි. අධික දාහයට හාතාවරිය, අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, කටුකරෝසන කසාය ලෙස සාදා බීම යෝග්‍යයි. එසේම හාතාවාරිය කොළ ගිතෙලින් බැද අනුභව කිරීමෙන් රාතී‍්‍ර අන්ධතාව සුව වේ.

සිද්ධාර්ථ තෛලය, මහා නාරායන තෛලය, විෂ්ණු තෛලය, ශාතවාරී තෛලය, නරසිංහ රසායනය ආදිය හාතාවාරිය යොදා පිළියෙල කරනු ලබන ප‍්‍රකට ඖෂධ වේ. එයින් සිද්ධාර්ථ තෛලය ප‍්‍රකට වාත නාශක ඔසුවක් වන අතර හෘද රෝගයනට ද ගුණදායක බව දක්වා ඇත. නරසිංහ රසායනය දහඅට වැදෑරුම් පීනසට ද දියවැඩියාවට ද ඉතා ගුණ දෙන ඖෂධයක් ලෙස ප‍්‍රකට වේ.

මහා නාරායන තෛලය පක්‍ෂගාත, හිසරුදා, කොරවීම, ආදියට ද වඳ ස්ති‍්‍රනට දරු සම්පත් ලබා දිමට ද වාත රෝග, නැසීමට ද ගුණදායක වේ. හාතාවාරිය අල කැඳ පිළියෙල කිරීමේදී හාතාවාරිය අලවල පොතු හැර මැද නාරටිය ඉවත්කර ගත යුතුය. අනෙකුත් කැඳවර්ග පිළියෙල කරන ආකාරයට ම හාතාවාරිය අල කැඳ ද පිළියෙල කර ගත හැකිය. මෙම අසල කැඳ ඉතා පෝෂ්‍යදායකය. රසායන ගුණයෙන් ද යුක්ත වේ.

හාතාවාරිය කොළ කැඳ වලින් කැඳ පිළියෙල කිරීමට ගෘහණියන් නිතර උනන්දුවක් දක්වනවා. හාතාවාරිය කොළ යුෂ සමග පිසගත් හිනටිහාල් කැඳ (ලුණු නැතිව) ගිතෙල් හා පානය කිරිම නේත‍්‍ර රෝගවලට ගුණදායකය. හාතාවාරිය කොළ කැඳ පිත් සමනය කරයි. වාත නාශකයි. ශරීරයේ දැවිල්ල නැති කරයි. ස්තී‍්‍රන්ගේ ශ්වේත ප‍්‍රදරයට, අධික ඔසප් වීමට ගුණදායකය. එසේම හොඳ ශක්ති ජනක පානයක් ලෙස ද සැලකේ.

හාතාවාරිය රතුලූණු, ගොටුකොළ කැඳ පිස කිතුල් හකුරු සමඟ දීම රත් පිතට ඉතා ගුණදායකය. හාතාවාරිය කරපිංචා කොළපොතු කොටා මිරිකා යුෂ ගෙන පොල් කිරි දමා තණ හාල් දමා කැඳ පිස බීමට දීම (ලුණු නොදමා) සියලු සර්ප විෂ පැය බාගයකින් නසා ක්‍ෂණික සුවයක් ලැබෙන බැවින් ද මෙය අත්දුටු ප‍්‍රතිකාරයක් බැව් ද දක්වා තිබේ.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment