.

සෙම් රෝග නසන පාවට්ටා වල ඖෂධීය රහස් මෙන්න රෝග රැසකට ගුණදෙන අත් දුටු බෙහෙතකී.

Loading...

සෙම් රෝග නසන පාවට්ටා වල ඖෂධීය රහස් මෙන්න රෝග රැසකට ගුණදෙන අත් දුටු බෙහෙතකී.


මුළු පංචාංගයම ඖෂධ පිණිස ගන්නා පාවට්ටා ශාකය මඟින් කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක්ද සිදුවීම සුවිශේෂී කරුණකි. ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අතිමහත්ය. ආයුර්වේදයේ අවධානය යොමුවන්නේ ඖෂධ හා ගුණ කර්ම ගැනවිම නිසා පාවට්ටාවල පවතින ආයුර්වේද ගුණාත්මක භාවය සලකා බලමු.
වෙනත් ප්‍රයෝජන
* වැටට සිටුවීමට හොඳින් ගැලපේ. බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට යොදා ගනි.
* පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් භාවිතා කරයි.
* බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත් වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරේ.
* ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී.
* දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගැනීමෙන් සුරුට්ටු ලෙස දුම්බීමටත් උපයෝගී කොට ගනී.
* පලතුරු ඇසීරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ කල දිලීර නාශක ගුණයක් ඇත.
* ආහාර හිඟ කාලවලදී විදේශීය වැසියන් ළපටි පාවට්ටා දළු තම්බා ලුණු සමඟ හා මී කිරි සමඟ ආහාරයට ගෙන ඇතැයි වාර්තා වේ.
ප්‍රයෝජනයට ගන්නා කොටස් හා ආකාරය
විශේෂයෙන් ශාකයේ පංචාංගයම ගත්තත් ඒවා සකසන්නට නියමිත කාල හා වේලා පවතිනවා. උදෑසන කොළ එක් රැස්කොට පවනේ වේලා සුළං නොවදින සේ තැන්පත් කළ යුතුය. ඉක්මණින් ගුණ හීනවන නිසා අලුත් අවස්ථාවේම ප්‍රයෝජනයට ගත යුතුයි.
තද අව්වේ වියලා ගැනීම යෝග්‍ය නැත. මල් කැකුළු අවස්ථාවේම කඩා පවනේ වියළා ගත යුතුයි. ඖෂධ පිණිස කොළ, මල්, පොතු, මුල් ගන්නා අතර සෙම, වියළි කැස්ස, ඇදුම සහ ක්ෂය රෝගය වැනි රෝග අවස්ථාවන්ට යොදා ගනී. මල් සහිත පාවට්ටා කොළ කොටස ගන්නා ඉස්ම(යුෂ) මී පැණි, සීනි සහිතව බීමට සුදුසු වන්නේ උණටයි.
භාවිතා කරනු ලබන රෝග අවස්ථා
බාහිරින් ඉදිමුම නැතිකර කුෂ්ට නසයි. විෂබීජ නාශකයි. රක්ත ශෝධකයි (රක්තය පිරිසිදු කරයි) සෙම නසයි, කැස්ස නසයි, උගුරට හිතකරයි, හතිය ඇදුම නැති කරයි, ක්ෂය රෝග හා කෘෂවීම නැති කරයි, උණ නැති කරයි, අතීසාර, ප්‍රවාහිකා (අතීසාරයේ උග්‍ර අවස්ථාව) මුත්‍රා පිටකිරීමේ අපහසුතාවය, සාමාන්‍ය නොවන පරිදි මුත්‍රා පිටවීම හෘද රෝග, රක්ත පිත්ත (නහයෙන්, මුඛයෙන්, අධෝ මඟින් ලේ පිටවීම), ලේ ආශි‍්‍රත රෝග, හතිය වැනි අවස්ථාවලදී භාවිතා කරයි.
ගන්නා ප්‍රතිකර්ම
සන්ධිගත රෝග
තැවීමට ගනී (කොළ හා මුල්) තුවාල නිසා ඇතිවන ඉදිමුම හා එහි ඇතිවන වේදනාවට කල්කය යොදයි.
කුෂ්ටයට
දළු, අමුකහ, අඹරා ආලේපය
අර්ශස් රෝගයට
පාවට්ටා පස් පංගුව පොට්ටනි වණ්ඩුවේ තම්බා තැවීම
අපස්මාරය (වලිප්පුව)
පාවට්ටාවලින් කළ තෙල් ආලේපය
ක්‍රීම් නාශකයට (පණුවන්ට)
පාවට්ටා කොළ යුෂ බාහිරව ආලේප කරන්න. (ගුද මාර්ගය වටේ)
ශරීර දුර්ගන්ධයට
පාවට්ටා කොළ හක් බෙල්ලන්ගෙ අළු හා මිශ්‍ර කර ගාන්න.
පහසු ප්‍රසුතියට
හක් බෙල්ලන්ගෙ අළු පාවට්ටා මුල් අඹරා නාභි, වස්ති යෝනිවල ආලේප කරන්න. පාවට්ටා මුල් පට්ටය තුනටිය ප්‍රදේශයේ බඳින්න.
සෙම සහ වාතය සහිතව ඇති අර්ශස් රෝගයට
පාවට්ටා පොතුවලින් පොට්ටනි සාදා වණ්ඩුවේ තම්බා තැවීම
අපහසුවෙන් මුත්‍රා පිටකිරීම හා මුත්‍රා දැවිල්ල වැනි රෝගයට
මල් චූර්නය (කුඩු) තම්බා බීම
රත්පිත (ලේ අඩු කමේ උච්චතම අවස්ථාව)
පංචාගයම ක්ෂාය හෝ යුෂ කර සීනි මී පැණි දමා දීම
පරණ උණට (කල් ගත වූ උණ)
පංචාංග කෂාය හෝ කොටා මිරිකා ගත් යුෂ දමා තනාගත් තෛලය


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment