.

දවසට කෙසෙල්ගෙඩි දෙකක් කෑවොත් වෙන දේ දන්නවානම් ඔයාලට පුදුම හිතේවි.

Loading...

දවසට කෙසෙල්ගෙඩි දෙකක් කෑවොත් වෙන දේ දන්නවානම් ඔයාලට පුදුම හිතේවි.

කෙසෙල් කියන්නේ ගමේ ගොඩේ වැවෙන රසවත් පළතුරක්. අපි ඉතින් කෙසෙල් කෑවත් මේ කෙසෙල් වල ගුණ ගැන නම් කවුරුවත්ම දන්නේ නැහැ. අද අපි කියන්න යන මේ දේ නම් ඔයාලට අදහගන්න බැරි වේවි.

ඇපල් නිසැකව කවුරුත් කැමති පලතුරක්නේ. කුඩා කාලයේ ඉංග්‍රීසි හෝඩිය ඉගෙන ගන්නේද පළමුව A දෙර Aචචකැ කියලනේ. ලංකාවේ හොදින් වැවෙන්නේ නැති මෙම පලතුර දිනපතා කෑම මගින් වෛද්‍යවරයා අවශ්‍ය නොවේ කියලනේ කියලා තියෙන්නේ. කොහොම වුනත් අපි මසකට විශාල මුදලක් ඇපල් මිලදී ගැනීමට පිටරටට ගෙවනවා. වෙලදපොලේ ඇපල් ගෙඩියක් අලෙවි වන්නේද සුපිරි මිලකට කියලා ඔයාලත් දන්නවනේ. අනික කල්තබා ගැනීමට ඇපල් වලට ඉටි ආලේප කරන බවත් අමුතුවෙන් කියන්න ඕනි නැනේ. ඕනිනම් බ්ලේඩ් තලයකින් හුරලා බලන්න. අපිට අපේම රටේ පහසුවෙන් ලබාගන්න පුළුවන් කෙසෙල් ඕනි තරම් තියෙද්දී ඇයි අපි අයෙත් ඇපල් කන්නේ. ඔයාලත් කියවලා බලන්නකෝ ඔයාලා නොදත් කෙසෙල් වල ගුණ. ආයේ නම් ඇපල් කන එකක් නැ.



කෙසෙල් වල බොහෝ ගුණ ඇතුලත් වේ. සුක්රෝස්, ෆෘක්ටෝස්, ග්ලූකෝස් හා තන්තු බහුලව අන්තර්ගත වෙනවා. ක්ෂණික ශක්ති උත්පාදකයක් ලෙස ක්‍රියා කරයි. පර්යේෂණයන්ට අනුව කෙසෙල් ගෙඩි 2කින් විනාඩි 90ක දැඩි වෙහෙසකාරී ව්‍යායාම වලට අවශ්‍ය ශක්තිය ලබා දීමට පුළුවන්.

ඇපල් වලට සාපේක්ෂව කෙසෙල් වල ගුණ

- සතර ගුණයක් ප්‍රෝටීන්
- දෙගුණයක් කාබෝහයිඩ්රේට
- තුන් ගුණයක් ප්‍රොස්පරස්
- පස් ගුණයක් විටමින් A සහ යකඩ
- දෙගුණයක් අනෙකුත් විටමින් සහ ඛණිජ

මිට අමතරව නොයෙක් ලෙඩ රෝග වැලැක්වීම සදහාද උදවු වෙනවා.

ආතතිය

මනස පිළිබද කරන ලද පර්යේෂණ වලට අනුව මානසික අවපීඩනයෙන් පෙළෙන බොහෝ අය කෙසෙල් ආහාරයට ගැනීමෙන් පසු සැලකිය යුතු ලෙස වෙනසක් ලබා ගෙන ඇත. කෙසෙල් වල අඩංගු එරහචඑදචය්බ ක්‍රියාකාරිත්වය මගින් ිැරදඑදබසබ වලින් හැරේ. එය මගින් සිත නිදහස් වී සිතේ ස්වභාවය හොද තත්වයකට පත් කර ආතතිය අඩු කිරීමට උදවු වේ.

ලේ අඩුකම

නිරතුරුව කෙසෙල් ආහාරයට ගැනීම මගින් කෙසෙල් වල ඇති අධික යකඩ ප්‍රමාණය ශරීරයට එකතු වේ. යකඩ රතු රුධිරානු වර්ධනය කර රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය ඉහල දමයි.

රුධිර පීඩනය

කෙසෙල් පොටසියම් බහුලව සහ සෝඩියම් අඩුව තිඛෙන නිසා නිරෝගී රුධිර පීඩනයට යෝග්‍ය වේ.

මතක ශක්තිය

එක්සත් රාජධානියේ ඔඅසජනැබය්ප විදුහලේ සිසුන් 200 යොදාගෙන කල පරීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ කෙසෙල් වලට මතක ශක්තිය ඉහල දැමීමට හැකි බවයි. පොටෑසියම් බහුලව තියෙන නිසා ඉගෙනීමේ හැකියාව ඉහල දමා ඇත.

මල බද්දය

කෙසෙල් වල අඩංගු තන්තු පරිවුර්තිය ක්‍රියා කාරිත්වය උතතිජනය කර මලබද්දය වලක්වයි.

ආමාශයේ දැවිල්ල- ගැස්ටරයිටිස්

කෙසෙල් වල ඇති ප්‍රතිඅම්ල ගුණ ආමාශයේ දැවිල්ල නැවත්වීමට උදවු වේ. ඒක කෙසෙල් ගෙඩියකින් ආමාශයේ දැවිල්ල නවතා දමයි.

මදුරු විදීම්

කෙසෙල් ලෙල්ලක් ඇතිල්ලීමෙන් මදුරුවන් විදීමෙන් ඇතිවන ඉදමිම් සහ කැසීම් නවත්වා ගන්න පුළුවන්.

උදා ආබාධය

කෙසෙල් ගෙඩියක් උදැසන ආහාරයට ගැනීමෙන් රුධිරයේ සිනි මට්ටම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට උදවු වීම මගින් උදයේ ඇතිවන අසනීප ගතිය නැතිවේ.

ස්නායු

කෙසෙල් වල ඇති විටමින් ඊ මගින් ස්නායු පද්ඩතිය සන්සුන්ව සහ නිදහසේ පවත්වාගෙන යාමට උදවු වේ. ඔස්ට්‍රියාවේ මානසික සෞක්‍ය ආයතනය මගින් රෝගීන් 5,000 යොදා කල පරීක්ෂණයකට අනුව තරබරුලම බොහෝවිට ඇතිවී ඇත්තේ ඉතා අධික පීඩනයක් ඇති රක්ෂා කල පුද්ගලයින් බව සොයාගෙන ඇත.

ආමාශ වණ

කෙසෙල් වල ඇති මෘදු බව බඩවැල පිළිබද අපහසුතා වලට පාවිච්චි කිරීමට මුලික හේතුව වෙනවා. එය ආමාශයේ ස්තර වල ආවරණයක් ලෙස ක්‍රියාකර අම්ල ගතිය නිසා සිදුවන හිරිහැර අවම කරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment