.

වැඩි වේලාවක් එකතැන වාඩිවී ඉන්න අයට පිළිකා සහ දියවැඩියාව අවදානම වැඩියි.මේ දේවල් හරියට පිළි පදිනවානම් ඔබට බේරෙන්න පුළුවන්

Loading...

වැඩි වේලාවක් එකතැන වාඩිවී ඉන්න අයට පිළිකා සහ දියවැඩියාව අවදානම වැඩියි.මේ දේවල් හරියට පිළි පදිනවානම් ඔබට බේරෙන්න පුළුවන්.

කාර්යබහුල ජීවන රටාව පහසු කරන තාක්ෂණික මෙවලම් නිසාම ඔබේ සෞඛ්‍යසම්පන්න ජීවන රටාවත් ක්‍රමයෙන් ගිලිහී යනවා. බොහෝ විට එක තැන ඉඳගෙන කරන කාර්යයන්ද මෙයට වැඩි බලපෑමක් ඇති කරවයි. රූපවාහිනිය නැරැඹීම පමණක් නොව සාප්පු සවාරි යෑමත් අද සිදුවන්නේ අන්තර්ජාලය හරහාය.


තරබාරු පුද්ගලයෙක් ව්‍යායාම කිරීමෙන් පසුව බර අඩුකරගත්තේ නම් ව්‍යායාම නැවැත් වූ පසු තිබුණාට වඩා තුන් ගුණයක ප්‍රමාණයක් මහත් විය හැකියි. මේ නිසා නිසි අවබෝධයක් නොමැතිව ව්‍යායාම කිරීම හා නැවැත්වීම නිසා ඔබ කලින් සිටි ප්‍රමාණයටත් වඩා තරබාරු වීමට හැකියාව පවතියි.

ව්‍යායාම නතර කළ පසු මහත් වෙන්නෙ ඇයි

• එකවර ව්‍යායාමවලට යොමුවීම.
• තමාට කළ නොහැකි නොගැළපෙන ව්‍යායාමවල නිතර වීම.
• අසාමාන්‍ය ලෙස ව්‍යායාම කරන ප්‍රමාණය වැඩිකර එකවර සතියේ දින 7ම පැය 2 බැගින් උදේ හවස (ඇවිදීම, ජිම් එකට යෑම) නිරත වීමත් තරබාරු වීමට හේතුවකි.

තරබාරු වීම පාලනය කිරීම

සතියේ දින 7ම ගොස් එය දින 5 දින 3 දක්වා කෙමෙන් කෙමෙන් අඩු කර ව්‍යායාමයේ යෙදෙන්න.

තම බර අඩුවන ප්‍රමාණය පොතක සටහන් කර තබන්න.

එවිට සිරුරේ බර අඩුවීම හෝ වැඩිවීම ශීඝ්‍රයෙන් සිදුවීමේදී ඒ ගැන එහි වෙනස ගැන මැන බැලිය හැකිය. වෛද්‍යවරයකු වෙත යන විට ඔබේ රෝගය විනිශ්චය කිරීමටද එය පහසුවකි.

• සිරුරේ ඉණ, උකුල, පපුව, වැනි ස්ථාන වරින් වර මැන බලා සටහන් කරන්න. එලෙසද තරබාරුකම ඔබටම මැන බැලිය හැකියි.
• ව්‍යායාම නැවැත්වූ විගස ආහාර රටාවද වෙනස් කර නොගන්න. යම් ආහාර පාලනයක් සිදු කරන්න.
• දිනපතා වතුර කෝප්ප 8ක්වත් පානය කරන්න.
• රාත්‍රි කෑම වේල සීමා කරන්න.
ආහාර අතිරේක ලෙස ගන්නා සිරප්, විටමින් හා පෙති වර්ග ආදිය වෛද්‍ය අනුමැතියකින් පමණක් ලබා ගන්න.
• කාන්තාවන් ව්‍යායාම නැවැත්වීමෙන් පසු ඔසප් චක්‍රය ක්‍රමවත්ද කියා විමසිලිමත් වන්න.
• වැඩිපුර නින්දට කාලය වැය නොකරන්න. දිනකට පැය 6 1/2ක පමණ කාලයක් හොඳටම ප්‍රමාණවත්ය.

 මව්බිම ඇසුරිණි
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment